ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලයේ 30වන සංවත්සරය ජනපති ප‍්‍රධානත්වයෙන්

ඔක් 08, 2019

    ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලයේ (LEARN) 30 වන සංවත්සර උත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්න් අද (07) පස්වරුවේ කොළඹ දී පැවැත්විණි.


    ජාතික පර්යේෂණ හා අධ්‍යාපන ජාලය මෙරට පර්යේෂණ හා අධ්‍යාපන ප‍්‍රජාවගේ අවශ්‍යතා සඳහා කැපවී සිටින විශේෂිත අන්තර්ජාල සේවා සපයන්නකු වනඅතර, ශ‍්‍රී ලංකාවේ සියලූම විශ්වවිද්‍යාල සහ පර්යේෂණ හා සංවර්ධන ආයතන එකිනෙක හා සම්බන්ධ කිරීම මෙන්ම අන්තර්ජාල හරහා එම ආයතන ලෝකය වෙත සමීපකරවීම මේ හරහා සිදු කෙරේ.

    1989 දී ආරම්භ කෙරුණු ජාතික පර්යේෂණ හා අධ්‍යාපන ජාලය ශ‍්‍රී ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ අරමුණ පෙරදැරිව ගතානුගතික ඉගෙනුම් ක‍්‍රමවේද හා සීමාවන් අතික‍්‍රමණය කරමින් පුළුල් අධ්‍යාපනික අවස්ථා උදාකරන ජාලයක් ලෙස මේ වනවිට පුළුල් මෙහෙවරක නිරතව සිටි. මහාචාර්ය අභය ඉදුරුව මහතා මෙහිදී විශේෂ දේශනයක් පවත්වනු ලැබීය.

    ඉගෙනීම නංවාලීම සහ එය ජාතික පර්යේෂණ හාඅධ්‍යාපන ජාලයක් ලෙස ස්ථාපිත කිරීම සඳහා දායකවූවන් වෙනුවෙන් ඇගැයීම් සම්මාන පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා, ජාතික පර්යේෂණ හා අධ්‍යාපන ජාලයේ සභාපති මහාචාර්ය පී.එස්.එම්. ගුණරත්න යන මහත්වරුන් ඇතුළු දෙස්-විදෙස් විද්වත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on අඟහරුවාදා, 08 ඔක්තෝබර් 2019 11:36

    Latest News