නැහැ බැහැ කියන වචන අපේ ශබ්ද කෝෂයෙන් ඉවතට - ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

ඔක් 11, 2019

    කොළඹ ගාලු මුවදොර පිටියේ ඊයේ (10) සවස පැවැති මංගල ජනරැළිය ඇමතු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා -

    රටේ මෙතෙක් කල් සිදු නොවුනු සංවර්ධන යුගයක් ඇති වුනා. අපට අවශ්‍ය අපේ මාතෘභුමිය අභිමානවත් සංවර්ධන දේශයක් බවට පත් කරන්නයි. පේ රටට අපේකම තියෙනවා ගමේකම, නගරයේකම තිබෙනවා.

    අපේකම රකින සංවර්ධිත රටක් නිර්මාණය කරමු කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා. අපි නිර්මාණය කරන අලුත් ශ්‍රී ලංකාවේ මොනම ආකාරයකටවත් හොරකමට දුෂණයට වංචාවට ඉඩ තබන්නේ නැහැ.

    කව්රුහරි පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් බලා ඉන්නවා නම් දුෂණය වංචාව ප්‍රචලිත කරලා අපේ රටේ දේපල කොල්ල කන්න, කව්රු හරි එහෙම හිතනවා නම් ආණ්ඩු හදන එක පැත්තක දාලා දැම්ම ගෙදර යන්න කියලා මම කියනවා. අපි රට වෙනුවෙන් කැප කිරිම් කරන්න ඕනේ. නැහැ බැහැ කියන වචනය අපේ ශබ්ද කෝෂයෙන් ඉවත් කරන්න ඕනේ.

    පොදු ජනතාව කැප කිරිම් කරලා අපව මේ තනතුරු වලට පත් කරන්නේ ජනතා ප්‍රශ්න වලට විසදුම් ලබා ගන්නයි. පොදු ජනතා ප්‍රශ්න වලට විසදුම් සපයන රටේ නායකයා ලෙස ඔබේ කරපිටින් එතනට යන, පැය 24 ම පොදු ජන සේවයට කැපවෙන පාලන ක්‍රමයක් ඇති කරනවා.

    අයිතිකරුවන් ලෙස නොව තාවකාලික භාරකරුවන් ලෙසයි අපි කටයුතු කරන්නේ. රටේ ඒකීයභාවය ජනතා පරමාදිපත්‍ය කුලමල පන්ති භේද නොතකා ජනතාව රකින්න අපි පනටත් වැඩිය කැපවී සිටින බව කිව යුතුයි. ජනතාවට අධික බදු බරක් තිබෙනවා. අනාගතයේ මේ රට ගොඩ නගද්දි ප්‍රවීනයන්ට විශේෂඥයින්ට අපි ඒ වගකීම පවරනවා.

    මේ රටේ ආර්ථික මර්මස්ථාන කළමනාකරණය කරන තැන්වලට දේශපාලන පත්වීම නොව හැකියාවට තනතුරු දෙන තත්ත්වය ඇති කරනවා.

    මේ ප්‍රවීනයන්ගේ දක්ෂතා කුසලතා මත නව ආර්ථික ක්‍රමවේදයක් ඇති වෙනවා. සමෘද්ධි ව්‍යාපරය අපි තවදුරටත් ශක්තිමත් කරනවා. ඊට අමතරව තවත් දුගී දුප්පත් ජනතාවට දුප්පත්කමින් කාලවකවානු තුළ මිදෙන්නට අවශ්‍ය තත්ත්වයක් ඇති කරනවා.

    අලුත් ගමනක්, අලුත් දර්ශනයක්, අලුත් චිනත්නයක්, අලුත් නායකත්ව පරපුරක් තුලයි අපි ඉදිරියට යන්නේ.

    අනාගත රජයේ සාමාජිකයන් පඩි ලබන පුද්ගලයින් හැටියට නොව ජනතාව වෙනුවෙන් කැප වෙන දුක් විදින සේවකයන් ලෙස ජනතාව පතුලට ගොස් සේවය කරන කණ්ඩායමක් ලෙසයි කටයුතු කරන්නේ.

    මම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ දසරාජ ධර්මයන් අනුව රට පාලනය කරන්න කටයුතු කරනවා. ශිෂ්ඨ සම්පන්න ඒකීයභාවය සුරැකෙන ජාතික ආරක්ෂාව රැකෙන නව ශ්‍රී ලංකාවක් අපි නිර්මාණය කරනවා.

    බුද්ධ ශාසනය ගැන හැමෝම කතා කරනවා. බුද්ධ ශාසන අමාත්‍යාංශය පිහිටුවලා බුද්ධ ශාසන අරමුදල පිහිටවුවේ මගේ පියාණන්.

    රටේ දහම් පාසල්වටල ආධාර කරලා යුක්ති ගරුක ගුණ ගරුක සමාජයක් හදන්න කටයුතු කරනවා. චෛත්‍ය රාජයාණන්වහන්සේලා නැති විහාරස්ථාන 1125 අධික විහාරස්ථනවලට චෛත්‍ය රාජයාණන් හදා සැබෑ බෞද්ධකම ක්‍රියාත්මක කරනවා. අලුත් ගමණක්, අලුත් දර්ශනයක්, අලුත් මුහුණු සමග යන ගමනක්, ජනතාවාදි ගමනක්, ප්‍රගතිශිලි ගමනක්, ශිෂ්ඨ සම්පන්න ගමනක් තමයි අපි යන්නේ.

    රටට අවශ්‍ය භීතියද - සතුටටද, රටට අවශ්‍ය අවනීතියද - නීතියද, රටට අවශ්‍ය හිංසාවාදිත්වය - අවිහිංසාවාදීත්වයද, රටට අවශ්‍ය අයුක්තියද - යුක්තියද, රටට අවශ්‍ය පිඩාවද - නිදහසද, රටට අවශ්‍ය පවුල් සංවර්ධනයද - රට සංවර්ධනයද කියලා ප්‍රශ්න කරන්න ජනතාවට කාලය ඇවිල්ලා තියෙන්නේ.

    ජනාධිපති ජයග්‍රහණයෙන් පසු ශක්ති සම්පන්න තේජස් නායකත්වයක් ලබා දෙන්න මම ලැහැස්තියි. විරුද්ධවාදියාට අපේක්ෂකත්වය ලැබුණේ පිගානේ තියලා. මට එය ලැබුනේ මගේ තේජස්කමින් දුක්කම්කටොලු මැදින් ගිය ගමනකට පසුවයි. එම නිසා අපේම තේජවන්ත ශක්තිමත් ශ්‍රීලංකාවක් හදන්න ශක්තිය දෙන්න කියලා ඉල්ලා සිටිනවා.

    Last modified on සිකුරාදා, 11 ඔක්තෝබර් 2019 15:06

    Latest News