රටේ තරුණ පරපුරේ සේවකයා වෙන්න සජිත් ප්‍රේමදාස කැමතියි - ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

ඔක් 11, 2019

    කොළඹ ගාලු මුවදොර පිටියේ ඊයේ (10) සවස පැවැති මංගල ජනරැළිය ඇමතු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා -

    මේ රටේ තරුණ පරපුරේ සේවකයා වෙන්න සජිත් ප්‍රේමදාස කැමතියි. තරුණ පරපුර මාරුවෙන් මාරුවට අපහසුතාවයට පත් වෙනවා.

    ඇදුමින් මෙන්ම ඩිජිටල් තාක්ෂණයෙන්, නව තාක්ෂණයෙන් ශක්තිමත් ඉදිරියට යා හැකි තරුණ පරපුරක් බිහි කරනවා. අලුත් ගමනක් යන තරුණ පරපුරක් ඇති කළ ආණ්ඩුව බවට අපේ ආණ්ඩුව පත් කරනවා. තරුණ ප්‍රඥප්තියක් අපි ඇති කරනවා. අපි ඊට නෛතික ශක්තියක් ලබා දෙනවා. මේ රටේ තරුණ පරපුරට කිසිවෙක් පස්සේ යන්න මේ අනපනත් සම්මත වෙන කොට අවශ්‍ය වෙන්නේ නැහැ. තරුණ පරපුර සක්‍රීය කොටස්කරුවන් බවට මේ නෛතික පදනමත් සමග ඇති වෙනවා.

    විරැකියාවෙන් පෙලෙන තරුණ තරුණියන් වෙනුවෙන් කර්මාන්ත පුර ඇති කරනවා.

    Last modified on සිකුරාදා, 11 ඔක්තෝබර් 2019 15:18

    Latest News