තිස්ස අත්තනායකගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

ඔක් 10, 2019

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග වදින ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට මාධ්‍ය ආයතනවලින් ලබාගෙන ප්‍රචාරන කටයුතු සම්බන්ධයෙන් ඔහුගේ මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානී තිස්ස අත්තනායක මහතා මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (10) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

    පසුගිය දින 4තුල විද්‍යුත් මාධ්‍ය ආයතන කිහිපයක් එක් අපේක්ෂකයෙකුට වැඩිපුර ගුවන් කාලයක් ලබා දෙමින් ප්‍රචාරණ කටයුතු ක්‍රියාත්මක කරන බව, ඔහුගේ පැමිණිල්ලේ සඳහන්. ඒ අනූව, සැමට සාධාරණ ගුවන් කාල ලැබෙන ක්‍රමවේදයක් සකස් කරන ලෙස තිස්ස අත්තනායක මහතා සිය පැමිණිල්ල මගින් මැතිවරණය කොමිසමෙන් ඉල්ලා සිටියි. මෙවැනි අසමාන ප්‍රචාරයන් පෞද්ගලික නාලිකා කිහිපයක් විසින් සිදුකරන බව ද ඔහු පවසයි. මෙම මාධ්‍ය නාලිකා ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයකින් අනතුරුව ලබාගත් විද්වත් වාර්තාවක් අනූවයි, මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ඔක්තෝබර් 2019 15:32

    Latest News