ගතවු පැය 48 දී මැතිවරණ කොමිසමට පැමිණිලි 156ක්

ඔක් 10, 2019
    ගත වූ දින දෙකේදී මැතිවරණ කොමිෂන් සභාව වෙත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 156 ක් ලැබී තිබේ.
    ඉන් ප්‍රචණ්ඩක්‍රියා සහ තර්ජනය කිරීමේ සිද්ධීන් 3 ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති බව එම කොමිෂන් සභාව සදහන් කළේය.
    මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධීන් 153 ක් ලැබී තිබේ. ඊයේ(09) පස්වරු 4.30 න් අවසන් වූ පැය 24දී පමණක් ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 93ක් වේ.
    Last modified on බ්‍රහස්පතින්දා, 10 ඔක්තෝබර් 2019 15:38

    Latest News