අධික වර්ෂාව හේතුවෙන් බගවන්තලාවේ නිවාස ගණනාවක් ජලයෙන් යටවේ

ඔක් 10, 2019

    බගවන්තලාව ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් පහත් බිම් ප්‍රදේශවල පිහිටි වතු නිවාස රැසක් ජලයෙන් යට වි තිබේ.

    බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වත්ත පහල කොටස් වතු නිවාස 30 පමණ ජලයෙන් යට තිබු බවත්, වතු නිවාස තුලට ජලය කාන්දු විමත් සමග එහි පදිංචිපවුල් 29 කට අයත් සමාජිකයන් තාවකාලිකව ආරක්ෂිත ස්ථාන කරා අද (10) අලුයම වන තෙක් යොමු කල බව බගවන්තලාව පොලිසිය පවසයි.

    වතු නිවාස තුලට ජලය කාන්දු විම නිසා වතු කම්කරුවන්ට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය ජලයෙන් යට වි තිබු අතර එම පවුල් වලට අයත් සමාජිකයන් 100 දෙනෙකු පමණ අවතැන් වි සිටිහ.

    වතු නිවාස ජලයෙන් යට විම නිසා අවතැන් වු සමාජිකයන් බගවන්තලාව කොටියාගල වතු යායේ වතු රෝහලේ තාවකාලිකව පදිංචි කර ඔහුන්ට අවශ්‍ය පහසුකම් සැලසිමට පියවර ගත් බව බගවන්තලාව වැවිලි සමාගමේ ප්‍රාදේශිය ප්‍රධාන විධායක නිලධාරි මංජුල සමරකොන් මහතා පැවසිය. කෙසෙල්ගමුඔය පිටාර ගැලිම නිසා බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් රැසක්ද ජලයෙන් යට වි තිබුණි.

    පවතින වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔයේ ජල මට්ටම වැඩි විම හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටමද සිඝ්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශභාර ඉංජිනේරුවන් පැවසිය.

    bagawanthalawaflood1 px 900

     

    Latest News