සජිත් කැලණිය රජමහා විහාරාධිපති හිමියන් බැහැදකී

ඔක් 10, 2019

    ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කැලණිය රජමහා විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත විය.

    කැලණිය රජමහා විහාරස්ථානයට පැමිණි සජිත් ප්‍රේමදාස මහතා කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරඛිත ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. උන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කරමින් සජිත් ප්‍රේමදාස මහතාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ආශිර්වාද පළ කළේය. අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් විය.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ඔක්තෝබර් 2019 14:22

    Latest News