තොන්ඩමන්ගේ තීරණයක් නැතිව අමරවිර කිවුවේ බොරුවක්

ඔක් 09, 2019

    ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහයෝගය කුමන අපේක්ෂකයාටද යන්න මෙතෙක් තිරණයක් නැතැයි ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ භාණ්ඩාගාරික එම්. රමේෂ්වරන් මහතා පැවසිය.

    ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ගොඨාභය රාජපක්ෂ මහතාට සහය ලබාදෙන බවට අද (09) ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මාධ්‍යය හමුවේදි එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් මහින්ද අමරවිර මහතා කළ ප්‍රකාශය පදනම් විරහිත බව රමේෂ්වරන් මහතා කියා සිටියේය.

    එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු තම පක්ෂයේ පුර්ණ සහයෝගය එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ලබාදෙන බවට කර ඇති ප්‍රකාශය ද පදනම් විරහිත බව ඔහු පෙන්වා දුනී. එම අපේක්ෂකයන් දෙදෙනා සමග තවදුරටත් සාකච්ඡා කර තම පක්ෂයේ විධායක සභාව එක්රැස් වි වැඩි දුරටත් සාකච්ඡා කර අවසන් තිරණයක් ගෙන පක්ෂයේ ස්ථාවරය මේ මස 13 දින ප්‍රකාශයට පත් කරන බව රමේෂ්වරන් මහතා කියා සිටියේ.

    Latest News