තුම්බිකුලම රක්ෂිතයේ අලි මිය ගියේ විෂ ශරීරගත වීමෙන් (වීඩියෝ)

ඔක් 09, 2019

    හබරණ, හිරිවඩුන්න, තුම්බිකුලම රක්ෂිතයට ආසන්න ප්‍රදේශයේ දී මියගිය වන අලින් 7 දෙනා විෂක් ශරීරගත වීමෙන් බව වනජීවී දෙපාර්තමේන්තුව සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණයකින් තහවුරු කර තිබේ.

    පසුගිය 26වැනිදා තුම්බිකුලම රක්ෂිතය තුල අලි 4 දෙනෙකු මියගොස් සිටිය දී වනජීවී නිලධාරීන් විසින් සොයාගනු ලැබිණ. ඉන් අනතුරුව 28වැනිදා තවත් අලින් 3න් දෙනෙකු මියගොස් සිටිය දී සොයාගැනිණ. රක්ෂිත වනයක් තුල මේ අන්දමින් අලින් 7 දෙනෙකු මියයාම සම්බන්ධයෙන් ඔවුන්ගේ සිරුරු කොටස් ලබාගෙන වනජීවී දෙපාර්තමේන්තුව විසින් මෙම පරීක්ෂණය සිදුකර ඇත.

    එමෙන්ම අධිකරණ නියෝග අනූව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ද මේ සම්බන්ධයෙන් වෙනමම පරීක්ෂණයක් ආරම්භකර ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලබන පරීක්ෂණයේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අනූව, රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ හා වනජීවී දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණ ආශ්‍රයෙන් නිෂ්චිත නිගමනයකට අධිකරණය තුළ දී පැමිණෙන බව වනජීවී දෙපාර්තමේන්තු කියා සිටියි.

    Last modified on බදාදා, 09 ඔක්තෝබර් 2019 20:07

    Latest News