හිටපු රේගු ලොක්කන් නැවතත් රිමාන්ඩ් භාරයට

ඔක් 08, 2019

    හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් ප්‍රේමලාල් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොටුව මහේස්ත්‍රාත් අද(08) නියෝග කළේය.

    ඒ, අනුරාධපුර ‘‘සදහිරු සෑයේ’’ තැන්පත් කිරිම සදහා රත්‍රන් සමාධි බුදු පිළිමයක් නිර්මාණය කිරීම සදහා ශ්‍රී ලංකා රේගුව සතු රත‍්‍රන් ලබාදී සාපරාධී විශ්වාසය කඩකළැයි කියන සිද්ධියකට අදාළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ගොනු කර ඇති පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදීය.

    පසුගිය රජය සමයේ අනුරාධපුර ‘‘සදහිරු සෑයේ’’ තැන්පත් කිරිම සඳහා බුද්ධ ප්‍රතිමා වහන්සේ සැදීමට සහ බෝධි අනුරුවක් සකස් කිරීමට ලංකා බැංකුවෙන් රත්රන් කිලෝ ග‍්‍රෑම් 3.5ක් ලබා ගෙන ඇති බව විමර්ශන මගින් අනාවරණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ දැනුම් දුන්නේය.

    ඒ අනුව හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් ප්‍රේමලාල් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් රාජපක්ෂ පතිරගේ දොන් තාරක සෙනෙවිරත්න යන සැකකරුවන් දෙදෙනා අද අධිකරණය හමුවේ ඉදිරිපත් කළ අතර ඔවුන් ලබන 11 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.

    සැකකරුවන් දෙදෙනා බුදුදහමේ චිරස්ථිතිය බෞද්ධාගම නගා සිටුවීම උදෙසා, ඉකුත් රජයේ මැදිහත්වීම මත යුද්ධය අවසන් වීමෙන් අනතුරුව සිදු වූ භාරයක් අනුව ඉදිකරන ලද සඳහිරුසෑ චෛත්‍යයේ තැන්පත් කිරීමට නීත්‍යානුකූලව මේ රන් කිලෝ 8ක් ලබා දී ඇති බව නීතිඥ අජිත් පතිරණ මහතා ඇතුලු නීතිඥ මඩුල්ල අධිකරණයට දන්වා සිටියේය.

    Last modified on අඟහරුවාදා, 08 ඔක්තෝබර් 2019 16:11

    Latest News