රුපියල් හාර කෝටියක් වටිනා විදේශීය මත්ද්‍රව්‍ය තොගයක් ඊයේ රේගුව බාරයට ගෙන තිබේ.

අනුමත සීමාවෙන් පරිබාහිරව භාවිතය සඳහා විදේශයන්හි සිට මෙරටට එවා තිබූ බහාලුම් 3ක අඩංගු ද්‍රව්‍ය තොගයක්, ඊයේ ශ්‍රී ලංකා රේගුව බාරයට ගැනිණ.

නීතිවිරෝධී ලෙස රැගෙන ආ රත්‍රං කිලෝ 17ක් සමඟ සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපොළ දී රේගු භාරයට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ පවතින වෘත්තිය සමිති ගැටලු නිරාකරණය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කර එම ගැටලුවලට විසඳුම් ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (18) පස්වරුවේ භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල මහතාට උපදෙස් දුන්නේය.

චීනයේ ගුඈන් ෂූ නගරයේ සිට පැමිණි ගුවන් මගියෙකු ළඟ තිබී සජීවි ගෝනුස්සන් 200ක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්විය.

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් ප්‍රේමලාල් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොටුව මහේස්ත්‍රාත් අද(08) නියෝග කළේය.

වල්ලාපට්ටා කිලෝ 22යි ග්‍රෑම් 95ක් සමග ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ගුවන්තොටුපොළ රේගුව අත්අඩංගුවට ගෙන තිබේ.

සඳහිරි සෑයේ තැන්පත් කළ බුදු පිළිම වහන්සේ නිපදවීමට ශ්‍රී ලංකා රේගුවේ තිබු රත්‍රං කිලෝ 8 ක් ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් ප්‍රේමලාල් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් රාජපක්ෂ තාරක සෙනෙවිරත්න අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.

පිටකොටුව ප්‍රදේශයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් හා තොග වෙළෙදුන් සිය ව්‍යාපාර වසාදමා අද විරෝධතාවක නිරතව සිට ව්‍යාපාර වසා දමා අද විරෝධතාවක නිරතව සිටියි.

නීති විරෝධී ලෙස මෙරටට රැගෙනආ දුම්වැටි තොගයක් අත්අඩංගුවට ගැනුණි.

Latest News