රු.හාර කෝටියක කුෂ් මත්ද්‍රව්‍ය රේගුව බාරයට

ජූලි 17, 2021

    රුපියල් හාර කෝටියක් වටිනා විදේශීය මත්ද්‍රව්‍ය තොගයක් ඊයේ රේගුව බාරයට ගෙන තිබේ.

    කුෂ් නමැති මෙම මත්ද්‍රව්‍ය තොගය නෙදර්ලන්තයේ සහ අමෙරිකාවේ සිට පාර්සල් 5ක බහා මෙරටට එවා තිබිණ.

    එහි බර කිලෝග්‍රෑම් 3කට අධිකයි. මත්ද්‍රව්‍ය එවා ඇත්තේ සීදූවේ පිහිටි කුරියර් සේවා ආයතනයකටයි. ඒවා පිළියන්දළ,ඉංගිරිය,මිනුවන්ගොඩ, මාතර හා පොල්ගස්ඕවිට යන ප්‍රදේශවල ව්‍යාජ ලිපිනයන්ට බෙදාදීමට නියමිතව තිබුණු බවයි හෙළිවී ඇත්තේ.


    එම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශනය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට බාරදීමට නියමිත බව රේගුව පවසයි.

    Last modified on සෙනසුරාදා, 17 ජූලි 2021 13:15

    Latest News