සීමාවෙන් පරිබාහිරව පිට රටින් එවූ බහාලුම් 3ක් රේගු බාරයට

අප්‍රේ 29, 2021

    අනුමත සීමාවෙන් පරිබාහිරව භාවිතය සඳහා විදේශයන්හි සිට මෙරටට එවා තිබූ බහාලුම් 3ක අඩංගු ද්‍රව්‍ය තොගයක්, ඊයේ ශ්‍රී ලංකා රේගුව බාරයට ගැනිණ.

    මෙහි පළමු බහාලුම් මෙරටට එවා තිබුණේ, ලන්ඩන් නුවර සිටයි. එහි පුද්ගලයින් 7 දෙනෙකුට අයත්, පෙට්ටි 47ක පෞද්ගලික පරිහරණය සඳහා වන භාණ්ඩ පවතින බවයි,රේගුවට ප්‍රකාශ කර ඇත්තේ.

    එහෙත්, එම බහාලුම් තුළ තවත් පුද්ගලයෙකුට අයත් පෙට්ටි 9ක් තුළ තිබී රුපියල් මිලියන 9කට අධික රූපලාවන්‍ය ආලේපන තොගයක්ද, සොයා ගෙන තිබේ.

    ඩුබායි සිට මෙරටට එවා තිබූ අනෙක් බහාලුම් 2ක පුද්ගලයන් 43 දෙනෙකුට අයත් පෞද්ගලික පරිහරණය සඳහා වන ද්‍රව්‍ය බවට පවසමින්,ගෙන්වා තිබූ පෙට්ටි 121ක් සොයා ගැනිණ.

    එම බහාලුම් තුළ තවත් 7 දෙනෙකුට අයත් පෙට්ටි 14ක් තුළ රුපියල් මිලියන 12කට අධික වටිනාකමකින් යුත් කාන්තා හා ළමා පාවහන් තොගයක්ද,තිබූ බවයි වාර්තා වන්නේ.

    අදාළ භාණ්ඩ රාජසන්තක කෙරුණු අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

    Latest News