ඡන්ද පත්‍රිකාවේ දිග මැතිවරණ කොමිසමට එයි

ඔක් 08, 2019

    මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා ආදර්ශය රජයේ මුද්‍රණාලයාධිපති විසින් මැතිවරණ කොමිසම වෙත බාරදි තිබේ.

    එම ආදර්ශයට අනුව උප පත්‍රිකාව අඟල් 02ක් වන අතර තවත් අඟල් 24 ක් සමඟින් සම්පුර්ණ දිල අඟල් 26 ක් බව මැතිවරණ කොමිසම කියා සිටි.

    අපේක්ෂක සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් අසාමන්‍ය අන්දමින් ඡන්ද පත්‍රිකාවේ දිග වැඩිවි ඇත. අපේක්ෂක සංඛ්‍යාව වැඩිවිමෙන් එක් මධ්‍යස්ථානයක පත්කළ හැකි ඡන්ද පොළ නියෝජිතයින් 70 ක් ගණන් කිරිමේ නියෝජිතයන් 175 දක්වා වැඩි වන බව මැතිවරණ කොමිසම පවසයි.

    මෙම තත්වය අනුව ඡන්ද පෙට්ටි සම්බන්ධයෙන් අවදානය යොමු කිරිමට සිදුව ඇති අතර එය නැවත සකස් කිරිම හෝ ප්ලාස්ටික් පෙට්ටි ආනයනය කිරිමට කොමිසම බලාපොරොත්තුවේ. ඡන්ද පෙට්ට් ප්‍රමාණය වැඩිවිම නිසාවෙන් කාර්ය මණ්ඩලය සහ සහය කාර්ය මණ්ඩලය වැඩි කිරිමට සිදුවි තිබේ.

    presidentialelection px 900

    Latest News