එඩ්ස් රෝග බියෙන් පාසලෙන් සහ සමාජයෙන් කොන්වු දැරියන් 06ක්

ඔක් 08, 2019

    ඒඩ්ස් රෝගය වැළඳී ඇති බව චෝදනා කරමින් මව පියා නොමැතිව එකම පවුලේ දැරියන් හයදෙනෙකු පාසලෙන් කොන්කර දැමිමෙන් සමාජයෙන් අසාධාරණය මුහුණදි සිටින බව වාර්තාවේ.

    ඉටු කර දෙන්නැයි හඬා වැටෙමින් එම දියණියෝ ඉල්ලා සිටින්නී ය.

    ගලේවෙල අලුත්ගම නිරන්ගමුව පදිංචි මෙම දැරියන් හයදෙනා සමාජ අසාධාරණයකට ලක්ව සියදිවි හානිකර ගැනීමට උත්සාහ දරමින් සිටියදී දඹුල්ල රෝහලේ වෛද්‍යකවරයෙකු මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම විශේෂත්වයකි.

    පාසල් වියේ පසුවන දියණියන් තිදෙනෙකු අතර ඔවුන් විද්‍යාලයෙ ගුරුවරුන් විසින් ඉවත් කොට තිබෙන බව වාර්තාවේ.වෙළඳසැලකින් භාණ්ඩයක් මිලදී ගැනීමට, ත්‍රීරෝද රථයකින් කුලී ගමනක් යෑමට සහ සමාජය ඉදිරියට පැමිණීමට නොහැකි තත්ත්වය නිසාවෙන් මොවුන් දැඩි මානසික පීඩනයකින් ජීවත්වේ.

    මෙම දියණියන් සොයා ගලේවෙල අලුත්ගම නීරංගමුව ඔවුන්ගේ නිවසට අප වාර්තාකරු ගොස් තිබේ.

    මෙම දියණියන් හය දෙනා සහ එක් දියණියකගේ කුඩා දරුවෙකු සමඟ දැඩි ආර්ථික දුෂ්කරතා මැද කුඩා කාමරයක තනිව ජීවත් වේ. පියා මීට වසර කිහිපයකට ඉහතදී ළිඳකට වැටීමෙන් මියගොස් තිබේ. මව විදේශගත වී දරුවන් පෝෂණය කිරීමේ කටයුත්තට උරදී සිටින්නීය. මෙම පවුලේ දෙවැනි දියණිය වන මීට වසර කිහිපයකට ඉහත විදේශ රටක සේවය සඳහා ගොස් මාස නවයකට පෙර නැවත මෙරටට පැමිණ ඇත්තේ ඇයගේ සිරුරේ සමේ රෝගයක් ඇති වීම නිසාවෙනි.

    එම රෝගයට ප්‍රතිකාර කිරීම සිදු කරමින් සිටියදී ඔවුන්ගේ මව දරුවන් ජීවත් කිරීම සඳහා ගෘහ සේවය සඳහා විදේශගතවී තිබේ. පාසල් වියේ පසුවන දැරියන් අවුරුදු 14, 13 සහ අට හැවිරිදි වියේ පසුවෙති. මේ තිදෙනාම මේ වනවිට පාසලෙන් ඉවත්කොට ඉගැනීමක් නොමැතිව නිවසට වී සිටි. 24 හැවිරිදි දෙවැනි දියණියට සමේ ඇතිවූ රෝගයට ප්‍රතිකාර ගැනීම නිසා ගම පුරා පැතිර ගොස් ඇත්තේ ඇයට එච්අයිවී ආසාදිත ඒඩ්ස් තත්ත්වයට පත්ව අනෙකුත් සහෝදරියන් සියලු දෙනාටම එය බෝවී තිබෙන බවයි.

    වැඩිමහල් දීයණිය 27 හැවිරිදිය වන අතර ඇය විවාහ වී එක දරුවෙකු සිටින්නීය. මෙම කටකතාව පැතිර යෑමත් සමග ඇයගේ සැමියාද දරුවාද දමා හැර ගිය බව ඇය හැඬූ කඳුළින් පැවසුවාය.

    මේ වනවිට සමේ රෝගී තත්වයට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් එය සුව කර ගැනීමට හැකි සමේ රෝගයක් බව වෛද්‍යවරුන් පවසති.

    එහෙත් සමාජයෙන් මෙම දියණියන්ට ලබාදී ඇති බරපතළ දඬුවම වි ඇත්තේ දියණියන් තිදෙනෙකු පාසලෙන් ඉවත් කිරීම සහ ඔවුන් සමාජයෙන් කොන්කර තැබිමවේ. මෙතරම් දියුණු සමාජයක කටකතාවක් හේතුවෙන් මුළු පවුලක් අසරණව සිටීම පිළිබඳව අවධානය යොමුකර සාධාරණය ඉෂ්ට කර දෙන්නැයි ඔවුන් ඉල්ලා සිටිති.

     

    Latest News