ජාතික විරුවන්ගේ නම් හුනන්ට දැමීම ගැන මෛත්‍රීගේ අවධානය

ඔක් 07, 2019

    බදුල්ලේ භූගත උමං මාර්ග බිත්ති වල ජාතික විරුවන්ගේ රූප ඇදීමේ වැඩසටහනක් ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණාත් මහතා අද ආරම්භ කර තිබේ.

    ප්‍රදේශය ඇති චිත්‍ර දර්ශනය කළ හැකි ස්ථානවල ජාතික විරුවන්ගේ සහ ඌව පලාතේ දිය ඇලි හා දර්ශනිය ස්ථානයන් ඇදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමට අදහස් කරන බව ඔහු කියා සිටියේය.

    ජාතික විරුවන්ගේ නම් හූනන්ට දැමීම පිළිබඳව මාධ්‍යවේදීන් එහිදි ප්‍රශ්න කර සිටියේ. ඊට පිළිතුරු දුන් මෛත්‍රී ගුණරත්න මහතා කියා සිටියේ එය ඉතාමත්ම කණගාටුදායක සිදුවීමක් බවයි. ජාතික විරුවන්ට මේ නම් දැමීම පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ඔහු පැවසිය. ඉදිරියට මෙවැනි දේ සිදු නොවීමට කටයුතු කළ යුතු බවත් ඉදිරියේදී මෙම නම් ඉවත් කිරීමට කටයුතු කරන බවත් ඔහු පෙන්වා දුනී.

    Latest News