update- දුම්රිය වැඩවර්ජනය අවසන්

ඔක් 07, 2019

    දුම්රිය වැඩවර්ජනය අවසන් කරන බව, දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කරයි. අද පස්වරුවේ වෘත්තීය සමිති නියෝජිතයින් දුම්රිය ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා හමුවිය. 

    ඒ අනුව, සිය ගැටලු සම්බන්ධයෙන් ස්ථීර විසඳුමක් ලැබෙන බවට වූ විශ්වාසය මත වර්ජනය අවසන් කළ බව, ඔවුන් කියා සිටියි.  අද පෙරවරුවේ වෘත්තීය සමිති නියෝජිතයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද හමුවිය.  දැනට වෘත්තීය සමිති ක්‍රියාත්මක කරනු ලබන වැඩවර්ජනය අවසන් කිරීමෙන් පසු වෘත්තීය සමිතිවල ඉල්ලීම් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා එහිදී ප්‍රකාශ කළේය. 

    .......................

    ප.ව 1.30 -අවසන් සාකච්ජාවෙන් පසු දුම්රිය වැඩවර්ජනය නිම කිරීමට තීරණයක්

    අද පස්වරුවේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සමඟ පවත්වන සාකච්ජාවෙන් පසු දුම්රිය වැඩවර්ජනය අවසන් කරන බව, දුම්රිය වෘත්තීය සමිති පවසයි.

    දුම්රිය සේවකයින් මේ වන විට මුහුණ දී සිටින ගැටලු සම්බන්ධයෙන් අද උදෑසන සාකච්ජා දෙකක් පැවැත්වූ බවයි, දුම්රිය වෘත්තීය සමිති පවසන්නේ. ඒ අනූව, දුම්රිය වෘත්තීය සමිති හා වැටුප් කොමිෂම අතර සාකච්ජාවක් අද පෙරවරුවේ පවත්වා තිබෙන අතර, තවත් සාකච්ජාවක් අද පෙරවරුවේ පවත්වා තිබෙන අතර, තවත් සාකච්ජාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග පැවැත්වූ බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

    Last modified on සදුදා, 07 ඔක්තෝබර් 2019 16:32

    Latest News