දුම්රිය වර්ජනය අවසන්කළ පසු ඉල්ලීම්වලට ජනපතිගෙන් විසඳුම්

ඔක් 07, 2019

    වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් අද (07) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී පැවැත්විණි.

    මෙහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ පොදු මහජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් තම වෘත්තීය කි‍්‍රයාමාර්ග ගැනීම සියලූ වෘත්තිකයන්ගේ වගකීම බවයි.

    වැඩ වර්ජනය අවසන් කරන ලෙස මෙහි දී දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන්ට දැනුම් දුන් ජනාධිපතිතුමා, ඉන් අනතුරුව ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳ සලකා බලමින් ඒවාට ලබාදිය හැකි විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා ලෙස තම මැදහත්වීම සිදුකරනබව ද කියා සිටියේ ය.

    ඕනෑම ගැටලූවකට සාකච්ජාමය ගිවිසුම් ලබාගත හැකි අතර කිසිඳු අවස්ථාවක පොදු මහජනතාව පීඩාවටපත් නොකළයුතු බව ජනාධිපතිතුමා වැඩිදුරටත්අවධාරණය කළේය.

    Last modified on සදුදා, 07 ඔක්තෝබර් 2019 15:26

    Latest News