රුහුණේ නවක වදය දුන් 19 ක් රක්ෂිත භාරයට

ඔක් 07, 2019

    රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් රක්‍ෂිත භාරයේ බන්ධනාගාර ගත කර සිටි රුහුණ විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුලූ සිසුන් 19 ක් යළිත් මේ මස 21 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරේ.

    නවක සිසුවෙකුට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර පතව සිටි සිසුන් අද (07) මාතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා වෙත ඉදිරිපත් කෙරිණ.

    රුහුණ විශ්වවිද්‍යාලයේ නවක සිසුවෙකුට මාතර - මැද්දවත්ත ප‍්‍රදේශයේ පිහිටි නේවාසිකාගාරයකදී මෙම නවක වදය ලබාදුන් බවට මෙම සිසුන් 19 දෙනා මාතර මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. එ අනුව නවක වද පනත යටතේ මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරා ඇත.

    Latest News