හම්බන්තොට මුහුදේ ආපදාවට පත් විදේශිය රුවල් යාත්‍රාවක නාවික හමුදාවේ සහය

ඔක් 06, 2019

    හම්බන්තොට වරායට ආසන්න මුහුදේ ආපදාවට පත් විදේශිය රුවල් යාත්‍රාවක් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව විසින් ඊයේ ක්‍රියා කර තිබේ.

    ඒ අනුව දකුණු නාවික විධානය විසින් හම්බන්තොට වරායට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ප්‍රංශයට අයත් SY-LESSIAMOIS රුවල් යාත්‍රාවේ එන්ජිමක ඇතිවු කාර්මික දෝෂයකින් විපතට පත්ව තිබියදී ගොඩබිමට රැගෙන ආ බව නාවික හමුදාව පවසයි.

    මෙම රුවල් යාත්‍රාව අනතුරට ලක්ව ඇති බවට තොරතුරක් මත නාවික හමුදාව වේග ප්‍රහාරක යාත්‍රාව මගින් ආරක්ෂාකාරීව හම්බන්තොට වරාය පරිශ්‍රය වෙත ගෙනවිත් තිබේ. මෙම යාත්‍රාව ශ්‍රි ලංකා මුහුදු සිමාව හරහා ඉන්දුනීසියාව බලා සංචාරය කරමින් සිට ඇති අතර, අනතුරට ලක්වන විට යාත්‍රාවේ එක් කාන්තාවක් සහ පිරිමින් දෙදෙනෙකු සිට ඇත.

    navyrescue3 px 900 19 10 06

    ශ්‍රී ලංකාව වටා ඇති සාගරය ප්‍රයෝජනයට ගනු ලබන නාවික හා ධිවර ප්‍රජාවට සිදුවන ඕනෑම උපද්‍රවයකදී සෙවිමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම් සිදු කිරීම සඳහා නාවික හමුදාව කටයුතු කරනු ලබයි. ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදා මුලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන දැනුම්දීම් වලට අනුව නාවික හමුදාව දේශිය සහ විදේශිය නාවික හා ධීවර ප්‍රජාව ආපදා තත්වයන්ගෙන් මුදවා ගැනීමේ මෙහෙයුම් ඉදිරියටත් සිදු කරනු ලබයි.

    navyrescue1 px 900 19 10 06

    Latest News