ජනපතිවරණයේ ඇප තැන්පත් කිරීම අවසන්; තරගයට අපේක්‍ෂකයින් 41ක්

ඔක් 06, 2019

    ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම අපේක්‍ෂකයන් සංඛ්‍යාවක් මෙවර ඇප තැන්පත් කර තිබේ.

    අද මධ්‍යහ්න 12.00න් අවසන් වු ඇප තැන්පත් කිරීමේ කාලසීමාව තුළ අපේක්‍ෂකයින් 41 දෙනෙකු ඇප තැන්පත් කර තිබේ. ඒ අතර, භික්‍ෂුන් වහන්සේ නමක් හා කාන්තාවක් ද වේ. අද දවස තුළ පමණක් ඇප තැන්පත් කළ අපේක්‍ෂකයින්ගේ සංඛ්‍යාව 08ක්. මේ අනුව ප්‍රධාන දේශපාලන පක්‍ෂ 19ක්, වෙනත් දේශපාලන පක්‍ෂ 03ක්, ස්වාධීන 19ක් ලෙස ඇප මුදල් තැන්පත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේය. අපේක්‍ෂකයන්ගේ නියෝජිතයන් සමඟ අද සවස 2.00ට ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ජාක් පැවැත්වෙන බව, මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

    නාම යෝජනා බාරගැනීම හෙට උදේ 9.00ත්, 11.00ත් අතර සිදු කෙරේ. ඒ, රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී. දහවල් 11.00 සිට 12.00 දක්වා විරෝධතා ඉදිරිපත් කළ හැකියි. අපේක්‍ෂකයින් වැඩිවීමෙන් ජනාධිපතිවරණයට ඇස්තමේන්තුගත වියදමට අමතරව කෝටි සියයකට වැඩි මුදලක් වැය කිරීමට සිදුවිය හැකි බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසිය. මෙවර ජනාධිපතිවරණය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් කෝටි 400ක්. මැතිවරණයේ සෘජු සේවාවන් සඳහා පොලිස් නිලධාරීන් 1,600කට වැඩි පිරිසක් යොදවනු ඇත. නීති විරෝධි කටයුතුවල නොයෙදෙන්නැයි තමා සියලු පාර්ශවවලින් ඉල්ලා සිටින බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

    nomination3 px 900 19 10 06

    nomination2 px 900 19 10 06

    nomination1 px 900 19 10 06

    Last modified on ඉරිදා, 06 ඔක්තෝබර් 2019 15:59

    Latest News