ශ්‍රි ලංකා මැතිවරණ ඉතිහාසයේ ප්‍රථම මහජන වේදිකාව සජිත් සහ අනුරගේ සහභාගිත්වයෙන් සාර්ථකත්වයට (වීඩියෝ)

ඔක් 05, 2019

    ජනාධිපතිවරණයේ සියළු අපේක්ෂකයින් එකම වේදිකාවකට කැඳවන "ජනාධිපතිවරණය 2019 - මජහන වේදිකාව" කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද (05) අති සාර්ථක අන්දමින් අවසන් විය.

    එය සංවිධානය කළේ මාර්තු 12 ව්‍යාපාරයයි. ශ්‍රි ලංකාවේ මැතිවරණ‍ ඉතිහාසයේ මෙවැනි මහජනතා ‍වේදිකාවක් නිර්මාණය වුයේ ප්‍රථම වරටයි.

    මෙවර ජනාධිපතිවරණයට තරග වැදීමට මේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇති සියලුම අපේක්ෂකයින් සහභාගි වුවද ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදිමට ඇප මුදල් තැන්පත් කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊට සහභාගි වුයේ නැහැ. 

    යුරෝපය වැනි රටවල මෙවැනි ජනතාවේදිකාවන්ට අපේක්ෂයින් සහභාගිවි තම ප්‍රතිපත්ති සහ අපේක්ෂාවන් ජනතාවට සජීව ඉදිරිපත් කිරිමට අවස්ථාව සලසා ගනි. එසේ වුවද ශ්‍රී ලංකා ඉතිහාසයේ පැවැති ප්‍රථම ජනතාවේදිකාවට ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි නොවුවේය.

    අද දිනයේ ජනතා වේදිකාවට පැමිණි සියලුම අපේක්ෂකයින් සිය ප්‍රතිපත්ති ජනතාව හමුවේ ඉදිරිපත් කිරිමේ සුවිශේෂි අවස්තාවක් ලෙස පෙනේන්නට තිබිණ. එවැනි අවස්ථාවක සිය ප්‍රතිපත්තිය සමස්ත ජනතාවටම ඉතා මැනවින් ප්‍රකාශ කිරිමට ගෝඨාභය රජපක්ෂ මහතාට තිබු අවස්ථාව මගහැරි ගිය බව දේශපාලක විචාරකයින් පවසති.

    අද දිනයේ පැවති ජනතා වේදිකාවට සහභාගී ජනාධිපති අපේක්ෂකයින් - නව ප්‍රජතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක, ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති ධූර අපේක්ෂක හිටපු හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක දුමින්ද නාගමුව, එක්සත් සමාජවාදී පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක සිරිතුංග ජයසූරිය සහ ජාතික සංවර්ධන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක රොහාන් පල්ලෙවත්ත, නව සිහළ උරුමයේ ජනාධිපති අපේක්ෂක සරත් මනමේන්ද්‍ර, ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක ආචාර්ය අජන්තා පෙරේරා සහ ප්‍රජතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ආරියවංශ දිසනායක ඇතුලු මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

    නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම අරමුණින් මහජන ඉල්ලීම් ඇතුළත් යෝජනාවලියක් ස්වාධීන මැතිවරණ නිරීක්ෂක සංවිධානවලට භාරදීම ද මෙහිදි සිදු කෙරිණි.

    ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 22ක ගම්මාන 1000ක දී ඒෆ්‍රියල් තරුණ ජාලය පැවැත්වූ වැඩසටහන්වලදී මහජනතාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ඇතුලත්ව මෙම සංක්ෂිප්ත වාර්තාව සකස් කර තිබේ.

    මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆැරල් සංවිධානය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ද, සී.එම්.ඊ.වී සංවිධානය වෙනුවෙන් එහි ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ද යෝජනාවලිය භාර ගත්තේය.

    පොදු දේපල අයථා පරිහරණය වැළැක්වීම, පෝස්ටර් හා දැන්වීම් පුවරු ප්‍රචාරණව්‍යාපාරයන් අනිකුත් නීති විරෝධී ප්‍රචාරණ කටයුතු වැලැක්වීම, මාධ්‍ය අවභාවිතයන් හා වෛරී ප්‍රකාශ අවම කිරීම සහ අසත්‍ය පුවත් ප්‍රචාරණය අවම කිරීම, වගකිව යුතු සමාජ මාධ්‍ය භාවිතය, දේශපාලන පක්ෂවල මූල්‍ය භාවිතය, මැතිවරණ නිරීක්ෂක සංවිධානවල හැසිරීම, ඡන්ද අල්ලස්, ආගමික ස්ථාන සහ ආගමික පූජකවරුන් මැතිවරණ ප්‍රචාරණයට යොදා ගැනීම ගැන මෙම යෝජනාවල ඇතුළත් වේ.

    Last modified on සෙනසුරාදා, 05 ඔක්තෝබර් 2019 20:29

    Latest News