පොහොට්ටුව සමඟ කොන්දේසි නැතිව ගමනක් නැහැ: පොදු ලකුණක් අනීවාර්යයි: SLFP මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර (වීඩියෝ)

ඔක් 05, 2019

    ජනධිපතිවරණයේදි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ කොන්දේසි නොමැතිව සංධාන ගත නොවන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර් දිසානායක පවසයි.

    ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ගෞරවය රැකෙන අන්දමින් එය සිදුකරන බවත් අද මාධ්‍යවේදින් අමතමින් ඔහු කියා සිටියේය. ජනාධිපතිවරණයේ තරග කරන ලකුණ සම්බන්ධයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දැඩි ස්ථාවරයක සිටින බවයි ඔහු කියා සිටින්නේ.

    ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර් දිසානායක.......

    ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් සංවිධායකවරු කැදෙව්වා..ඒ සියළුදෙනාගේම අදහස් මත සියල්ල ජනාධිපතිතුමා විමසුවා..සියළුම ඔවුන්ගේ අදහස් ඉදිරියේ දි මධ්‍යම කාරක සභාවේ දී සමාලේචනය කරනවා. සමාලෝචනය කරලා ඒ ගන්න තීන්දු ගන්නේ බොහෝ විට ගන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව ගත්තොත් මෙතෙක් ඉතිහාසේ කිසිම පක්ෂයක් සියළුම සංවිධායකරුවන්ගේ මත විමසීමෙන් තීන්දු අරගෙන නැහැ..පොදුවෙ අදහස් මතුවුණා පොදුජන පෙරමුණත් එක්ක කොන්දේසි නැතුව මේ ගමන යන්න එපා කියන එක බොහෝ දෙනා ප්‍රකාශ කළා..ඒ නිසා ලකුණ වෙනස්කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෞරවය රැකෙන පරිදි යන දේශපාලන ගමනකට අවශ්‍ය තීන්දු තීරණ ගන්න කියන බලකිරීම සියළුම සංවිධායකවරුන්ගෙන් ජනාධිපතිතුමාට ඉදිරිපත් වුණා.

    Last modified on සෙනසුරාදා, 05 ඔක්තෝබර් 2019 15:13

    Latest News