S. B, ඩිලාන් , ලක්ෂ්මන් යාපා SLFP විනය කමිටුවට නොපැමිණේ

ඔක් 05, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය නීති කඩකල බවට වෝදනා එල්ලවි ඇති වන එස්. බී. දිසානායක, ඩිලාන් පෙරේරා සහ ලක්ෂ්මන් යාපා යන මන්ත්‍රිවරුන් අද පැවති විනය කමිටුවට පැමිණ නොමැති බව වාර්තාවේ.

    ඒ අනුව මන්ත්‍රිවරුන් විනය කමිටුව ඉදිරියට නොපැමිණ නිතිඥයින් මාර්ගයෙන් කරුණු දැක්වීම සිදුකර තිබේ. නිතිඥ සංජය ගමගේ මහතාගේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ විනය කමිටුවේ සභාපතිවරයා වේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගිය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 05 ට සැප්තැම්බර් 4 වැනිදා විනය චෝදනා එල්ල ‍කෙරිණ.

    එස්. බී. දිසානායක, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා යන මන්ත්‍රිවරුන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගෙන ඇති අතර ඒ. එච්. එම්. පවුසි සහ විජිත් විජේමුණි සොයිසා මේ වන විට එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධවිම හේතුවෙන් විනය චෝදනා ලබා සිටිති.

    මෙම මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ග ගැනීමට පෙර කරුණු දක්වන ලෙසට ලිපි යොමු කළ බව මීට පෙර මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දායාසිරි ජයසේකර මහතා කියා සිටියේය. ඊට පිලිතුරු නොදීම හේතුවෙන් එස්. බී. දිසානායක, ඩිලාන් පෙරේරා වජිර යාපා යන මන්ත්‍රිවරුන් අද දින විනය කමිටුවට කැඳවු බව වාර්තාවේ.

    Latest News