ගල්කිස්සේ දී කප්පම් ගත් කොස්තාපල්ට මාංචු

ඔක් 05, 2019

    ගල්කිස්ස ප්‍රදේශයේ දී රුපියල් 30000ක කප්පමක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.

    බොරුපන ප්‍රදේශයේ දී මෝටර් රථයක් තුළ සිටි පෙම් යුවලක් අශෝබන ලෙස හැසිරුනේ යැයි, අසළට පැමිණි අදාල පොලිස් නිලධාරියා නීතිමය කටයුතු නොකිරීමට රුපියල් 50000ක් ඉල්ලා තිබේ. අනතුරව පෙම්වතාගෙන් රුපියල් 30000ක් බලෙන් ලබාගෙන තිබේ.

    අදාළ නිලධාරියා ඊයේ රාත්‍රී 9.10ට පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා මිරිහාන පොලීසියට ඉදිරිපත් කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 05 ඔක්තෝබර් 2019 11:55

    Latest News