පොඩි තැනින් දේශපාලනය ඇරඹු සැවෝම අද UNP ශක්තියට: ජනපති අපේක්ෂක සජිත්

ඔක් 02, 2019
  • හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඩබ්.බී.ඒකනායක යන මහත්වරුන්ගේ සහය, මෙවර ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට ලැබී තිබේ.

    කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරිණ. සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින්, පක්‍ෂ හා සංවිධාන 16ක නියෝජිතයන්, අද ඔහු හා එක්වූහ. ජාතික සංවර්ධන පෙරමුණේ නායක මහාචාර්ය එම්.පී. අත්තනායක, කඳුරට විමුක්ති පෙරමුණේ නායක ඇන්ටන් අයියතුරෛ, කමියුනිස්ට් තරුණ සම්මේලනයේ ප්‍රධාන ලේකම් එස්.ආර්.එඩ්වඩ්, ජාතික මහජන පක්‍ෂයේ නායක පද්මසිරි කොඩිකාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වූහ.

    එහිදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා...

    අද දවසේ අතාවුද සෙනෙවිරත්න මැතිතුමා, ඩබ්.බී. ඒකනායක මැතිතුමා මේ දෙපළම ජන සමාජයේ පොඩි තැනින් පොඩි තැනින් බිහිවුණු, පොඩි තැන ඉඳලා අමාත්‍යධූර දරන මේ රටේ ජනතාවාදී, සමාජවාදී, වාමවාදී දේශපාලනය. ඒකනායක ඇමතිතුමා ගත්තොත් එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන ආරම්භ කරලා, යම්-යම් හේතූන් මත වෙනත් දිශාවන්ට ගිහිල්ලා, මාත් සමඟ ඇත්වැල් බැඳ ගැනීම ඇත්ත වශයෙන්ම ලොකු හයියක්, ලොකු ශක්තියක්. මේ ව්‍යාපාරයේ පතාක යෝධයෙක් අතාවුද සෙනෙවිරත්න ඇමතිතුමා. එතුමාගේ දේශපාලන ව්‍යාපාරය තුළ සෑමවිටම නිර්ධන පන්තිය මුදුන්පත් කරගෙන එතුමාගේ ගමන එතුමා ගියේ. ඒ වගේම මේ රටේ රජරට පුරවරයේ ගමින් බිහිවුණු නායකයෙක් අපේ ඒකනායක ඇමතිතුමා. එතුමත් පුංචි තැනින් පළාත් සභාව හරහා ඇමතිධූර දරලා, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ඇමතිධූර දරලා, දේශපාලන මතවාදයන් තුළ යම් වෙනස්වීම් මතුවෙලා දැන් අපේ මහගෙදරට එකතු වෙලා තියෙනවා. අපේ පක්‍ෂයත් සමඟ අත්වැල් බැඳගෙන සිටිනවා. මෙතුමන්ලා දෙපළ ඇතුළු පරමාදර්ශී දේශපාලනයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඒ සියලුම පාර්ශ්වයන් පක්‍ෂ ගණනාවක් අද අපිත් එක්ක එකතුවෙලා සිටිනවා. සත්‍ය වශයෙන්ම අපි පරමාදර්ශී දේශපාලනය ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන්නේ. එහි එක් අංගයක් හැටියට තමයි අද මම ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන්නේ මේ රටේ දුක්විඳින ජනතාව වෙනුවෙන් ජනාධිපති වැටුපත්, පඩියත්, දීමනාවත්, ඒ සියල්ලක්ම පරිත්‍යාග කරලා පොඩි මනුෂ්‍යයා වෙනුවෙන් ඒ මහා යුතුකම ඉටු කරන්න මම ඇපකැපවී සිටිනවා“ යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    අතාවුද සෙනෙවිරත්න මහතා...

    “මගේ දේශපාලනය මේ රටේ මේ වෙලාවේ කළ යුත්තේ කුමන පිළිවෙළකට ද කියන රට ගැන බලලා. නමුත් මේ රටේ පසුගිය අවුරුදු 10ක් තුළ මේ රටේ දෝලනය වුණේ වංචාව, දූෂණය, හොරකම ගැන ඉහළ පෙළේ අය මැති ඇමතිවරුන් ගැන කතා කළා. මේ ගැන කළකිරිලා ඉන්නවා පාර්ලිමේන්තුව ගැන, මැති-ඇමතිවරුන් ගැන. මේ අයගෙන් තොරව කෙනෙක් පත්කරගන්න ඕනේ කියලා කල්පනා කරන අයත් ඉන්නවා. මේ තත්වය තුළ අපට පරමාදර්ශී දේශපාලන ව්‍යාපාරයක් සඳහා කටයුතු ආරම්භ කළේ ඒ පිරිසිදු දේශපාලනී කරණයයි. අපිට පොහොට්ටුව බැලුවහම අවුරුදු ගණනාවක ඉඳලා විශාල දූෂණයෙන් සම්බන්ධ වෙච්ච අය පිරිලා. මේ පැත්තෙත් මේ මහ බැංකු තත්වය උඩ යම් කිසි තත්වයක් ඇතිවෙලා තියෙනවා. එතුමා ජනාධිපති වෙලා කාටත් නීතිය එකවගේ කටයුතු කරලා, දූෂණය මේ රටින් තුරන් කිරිමට ඔබතුමා අවංක දේශපාලඥයෙකු හැටියට, පොදු ජනතාවගේ හිතවතෙක් හැටියට මේ රට හදන්න අපි ඔබතුමා තෝර ගත්තේ, අර පැත්තට දුන්නොත් එහෙම විශාල කලබැගැනියක් වෙනවා“ යැයි අතාවුද සෙනෙවිරත්න මහතා පැවසීය.

    Last modified on බදාදා, 02 ඔක්තෝබර් 2019 20:35

    Latest News