දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමේ ගැසට් නිවේදනය අද

ඔක් 03, 2019

    දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට අදාල ගැසට් නිවේදනය අද දිනයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ ඊට අදාල ලිපි ලේඛණ මේ වන විට ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර ඇති බවයි. දැනට ක්‍රියාත්මක දුම්රිය වර්ජනයට පිළියමක් වශයෙන් දුම්රිය ඉංජිනේරු සංගමය දුම්රිය ධාවනයට එක්වන බව ඊයේ නිවේදනය කර තිබේ.

    දුම්රිය ඉංජිනේරුවන් 100ක් පමණ අද (03) සිට කාර්යාල දුම්රිය ධාවනය සඳහා විශේෂයෙන් එක් වනු ඇති බව එම සංගමයේ සභාපති අශෝක මුණසිංහ මහතා ප්‍රකාශ කළේ. ඒ අනුව අලුත්ගම සිට කොළඹ දක්වාත්, නුවර සිට කොළඹ දක්වාත්, මහව සිට කොළඹ දක්වාත් හලාවත සිට කොළඹ දක්වාත් දුම්රිය ධාවන කිරීමට නියමිත බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 03 ඔක්තෝබර් 2019 07:52

    Latest News