අමෙරිකානු නි. තානාපති වත්මන් දේශපාලනය සහ ජනපතිවරණය ගැන තොන්ඩමන්ගෙන් විමසයි

ඔක් 02, 2019

    මෙරට ඇමරිකානු නියෝජ්‍ය‍‍ තනාධිපති මාටින් ඩි කේලි මහතා සහ ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක නුවරඑලිය දිස්ත්‍රී‍‍ක් ප.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා අතර විශේෂ සකාච්ඡාවක් ඊයේ (01) පස්වරුවේ නුවරඑලිය ගොල්ෆ් ක්‍රීඩාංගණ සමාජ ශාලාවේදි පැවැත්විණ.

    රටේ පවතින වත්මන් දේශාපලන තත්ත්වය, ජනාධිපතිවරණය සහ වතුකරයේ ජනතාවට බලපාන ගැටළු සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත් වු බවයි ලංකා කම්කරු කොන්ග්‍රසයේ මාධ්‍ය අංශය පැවසුවේ.

    මෙරට ඇමරිකානු තානාධිපති කාර්යයාලයේ ආරාධනාවක් අනුව තොණ්ඩමන් මහතා එම සාකච්ඡාවට සහභාගි වු බවත්, පැයකට ආසන්න කාලයක් දෙපාර්ශවය අතර සාකච්ඡා පැවැත්වුණු බවයි ලංකා කම්කරු කොන්ග්‍රසයේ මාධ්‍ය අංශය කියා සිටියේ.

    මෙම සාකච්ඡාවට මෙරට ඇමරිකානු තානාධිපති කාර්යයාලයේ දේශපාලන අංශ නිලධාරි ජොන් එච් බිට්ගෙට් මහතා සහ ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති සහ ඌව පලාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් , ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති එස්. රාජ දොරෙයි මහතා සහ මෙරට ඇමරිකානු තානාධිපති කාර්යයාලයේ නිලධාරින් රැසක් සහභාගි වුහ.

    Last modified on බදාදා, 02 ඔක්තෝබර් 2019 20:26

    Latest News