යාපනයේ ලලිත් - කුගන් ඉල්ලා අධිකරණය ඉදිරිපිට විරෝධතාවක් (වීඩියෝ)

ඔක් 02, 2019

    යාපනයේ දී අතුරුදන් වූ ලලිත් කුගන් පිළිබඳව තොරතුරක් ලබා දෙන ලෙස ඉල්ලා කොළඹ අලුත්කඩේ පිහිටි අධිකරණ කොමිෂන් සභාව ඉදිරිපිට අද උද්ඝෝෂණය පැවැත් වුණා.

    පෙරටුගාමී පක්ෂය මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා.

    යාපනයේ සිටි මානව හිමිකම් ක්‍රියාදරයන් වු ලලිත් කූගන් පිළිබඳව වගකිවයුත්තන්ට දඬුවම් දෙන ලෙස උද්ඝෝෂකයන් මෙහිදී ඉල්ලා සිටියේය.

    ජන අරගල ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක ලලිත් කුමාර් වීරරාජු සහ යාපනයේ අවරන්ගාලි හි පදිංචිව කුගන් මුරුගන්සන් 2011 වසරේ දෙසැම්බර් 9 පස්සවරුවේ සිට අතුරුදහන්ව තිබේ. ඒ දෙසැම්බර් 10 වැනිදා යාපනය නගරයේදී පැවැත්වීමට නියමිත ජන අරගල ව්‍යාපාරයේ මාධ්‍ය හමුවක් සංවිධානය කිරීමේ කටයුතුවල ඔවුන් නිරතව සිටියදිය.

    මානව හිමිකම් ක්‍රියාකාරිකයින් අතුරුදන්වීමේ සිද්ධියේ නඩුවට සාක්ෂි ලබාදීමට පසුගිය 27 වනදා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය පෙනී සිටීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට නියෝගයක් තිබු අතර එම නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝග නිකුත් කළේය. ආරක්ෂක හේතුන් මත යාපනය අධිකරණයට ගොස් සාක්ෂි දීමට නොහැකි බවත් උතුරු නැගෙනහිර ප්‍රදේශයෙන් බැහැරව වෙනත් ප්‍රදේශයක පිහිටි අධිකරණයක සාක්ෂි දීමට සූදානම් බව පෙන්වා දී අතුරු තහානම් නියෝගය ඔහු ලබා ගත්තේය.


    ලලිත් සහ කූගන් නමැති දේශපාලන ක්‍රියාකාරකයින් අතුරුදහන්වී වසර 08ක් සපිරුණද මෙතෙක් ඔවුන් පිළිබඳව තොරතුරක් නොමැති බව ලලිත්ගේ පියා ආරුමුගම් විජයරාජා පවසයි.

    ජනතා විමුක්ති පෙරමුණට එක්වී දේශපාලන කටයුතු කරමින් සිටියදී එම පක්ෂය කොටස් දෙකට කැඩී පෙරටුගාමී පක්ෂය බිහිවීමත් සමගම ඊට සම්බන්ධවී ලලිත් සහ කුගන් දේශපාලන කටයුතුවල නිරතවූ බවත් සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් ඔවුන් දෙදෙනා පැහැරගෙන ගිය බවට තොරතුරු ඇති බවත් ලලිත්ගේ පියා ආරුමුගම් විජයරාජා මීට පෙර පවසා තිබේ.

    Last modified on බදාදා, 02 ඔක්තෝබර් 2019 20:20

    Latest News