කලහාකාරිව හැසිරුණ අයෙකු අත්අඩංගුවට

ඔක් 02, 2019

    හැටන් නගරයේ කලහකාරි ලෙස හැසිරෙමින් නගරයේ ගාල් කර තිබු ත්‍රිරෝද රථයකට ගල් වලින් පහර දි දෙදෙනෙකුට පහර දි තුවාල සිදු කල යාචකයෙකු හැටන් පොලිසිය මගින් අද (02) අත්අඩංගුවට ගෙන තිබේ.

    මානසික රෝගියකින් පෙලෙන යාචකයා හැටන් නගරයේ සැරිසරන අතර අද (02) උදැසන හැටන් නගරයේදි දෙදෙනෙකුට ගල් වලින් පහර දි තුවාල සිදු කර නගර මධ්‍යයේ ගාල් කර තිබු ත්‍රිරෝද රථයකට පහර දි අලාභ හානි සිදු කර ඇත.

    කලහකාරි ලෙස හැසිරුණු යාචකයා අල්ලා ගැනිමට ප්‍රදේශ වාසින් උත්සහ කිරිමේදි යාචකයා දිවගොස් හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ සැගව සිටියදි ප්‍රදේශවාසින් විසින් අල්ලා පොලිසිය වෙත භාරදි ඇත.

    යාචකයා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර නියෝගයක් ගෙන අංගොඩ මානසික රෝහලට යොමු කිරිමට නියමිතයි.

    Latest News