මාරවිල මහ පරිමාන කසිප්පු ජාවාරමක් වටලයි

ඔක් 02, 2019

    මාරවිල, මාවිල ප්‍රදේශයේ කුලී පදනමට ලබාගත් සුවිසල් නිවසක පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු ස්කාගාරයක් මාරවිල පොලීසියේ නිළධාරීන් විසින් වැටලීමට සමත් වේ.

    නිවසේ මුළුතැන්ගෙයි ගෑස් භාවිත කර ඉතා සූක්ෂම අන්දමින් මෙම කසිප්පු නිෂ්පාදනය කර ඇත.

    ගෝඩා අඩංගු ලීටර් 500 විශාල ප්‍රමාණය වතුර ටැංකි 1ක්, ගෝඩා බැරල් 6ක්, ගෑස් සිලින්ඩර් 2 ක් හා ගෑස් ලිප් ඇතුළු කසිප්පු නිෂ්පාදනය සඳහා උපයෝගී කර ගන්නා උපකරණ රැසක් පොලිසිය විසින් සොයා ගෙන තිබේ. ස්කාගාරය පවත්වාගෙන ගිය සැකකරු අත්අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය පවසයි. සැකකරු විසින් මීට මාස හයකට පෙර මසකට රුපියල් තිස් දහසක කුලී පදනම මත නිවස ලබාගෙන ඇත. සැකකරු දංකොටුව ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

    මෙහි නිෂ්පාදනය කෙරෙන කසිප්පු සැකකරු විසින් කුලීපදනමට ලබාගත් මෝටර් රථ මගින් අවිස්සාවේල්ල පාදුක්ක වැනි ප්‍රදේශවලට අලෙවි කරන බවට මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වි ඇත. මාරවිල පොලීසියේ මූලස්ථාන ප්‍රධානපොලිස් පරීක්ෂක ධම්මික විජේසිංහ මහතාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.

    illegalarrack1 px 900 19 10

    Latest News