විදුලි අර්බුදය මැද අතහැර දැමු ජල විදුලි බලාගාර (ඡායාරූප)

සැප් 11, 2019

    දික්ඔය හයිඩ්රෝ ඉලෙක්ට්‍රිකල් පවර් ප්‍රොජෙක්ට් නම් කුඩා ජල විදුලිය බලාගාරය ඇතුළු කුඩා ජලවිදුලි බලාගාර කිපයක් කඳුකරයේ වසර ගනනාවක සිට සෙවයක් ලබා නොගෙන වසාදමා දිරායමින් පවතී. මේ මගින් ජාතික විදුලිබල පද්ධතියට කිලෝ වොට් 1.28 විදුලි බලයක් එක් කරනු ලැබිණ.

    හැටන් - දික්ඔය වනරාජ ප්‍රදේශයේ කාසල්රි ජලාශයට ඉහලින් දික්ඔය හරස් කර ලබාගන්නා ජලයෙන් ක්‍රියාත්මක වු මෙම කුඩා ජල විදුලිය බලාගාරයෙන් කිසිදු පාරසරික හානියක් හෝ බලපෑමක් නොමැතිව ජාතික විදුලිය පද්ධතියට විදුලිය සැපයිම හා පවුල් රැසකට රැකියා සැපයු ආයතනයක් බව ප්‍රදේශවාසිහු පවසති .

    hydropower3 px 900 19 09 11

    1996 වර්ෂයේදී වසරේ සිට ක්‍රියාත්මක වු මෙම ආයතනය වසර 20 ක ගිවිසුම කල් ඉකුත් වීම හා නිෂ්පාදනය කෙරෙන විදුලි ඒකකයක් සදහා ලංකා විදුලිය බල මණ්ඩලයෙන් ලබා දෙන මුදල ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි නිෂ්පාදනය අතහැර දමා තිබේ. මේ අතර වටවල ප්‍රදේශයේ මහවැලි ගංගේ ජලය ගෙන දියගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කුඩා ජල විදුලි බලාගාරයද වසර ගනනාවක සිට වසා දමා ඇත.

    පුද්ගලික වුවත් රාජ්‍ය වුවත් මෙහි ඉදිකිරිම් සදහා විශාල මුදලක් වැය කර ඇති අතර එයින් තවදුරටත් සේවය ලබා ගන්නේ නම් එය ජාතික ආර්ථිකයට පිටුවහලක් වනුයේ ඉන්ධන බලාගාරයක විදුලිය උත්පාදනය කිරිමේ දී මෙන් අධික පිරිවැයක් දැරිමට සිදු නොවීමත් පාරිසර හිතකාමිත්වය නිසාය. එමෙන්ම වසරේ බොහෝ කාලයක් වර්ෂාව පවතින මධ්‍ය කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට සුර්ය කෝෂ ආශ්‍රයෙන් විදුලිය නිෂ්පාදනය හෝ සුලං බලාගාර වලට වඩා ඵලදායි ලෙස ගලාබසින ජලයෙන් ප්‍රයෝජන ගත හැකීවීමය.

    hydropower2 px 900 19 09 11

    විශේෂයෙන්ම තේ කර්මාන්තශාලා සදහාද මුල් කාලයේ එම තේ වතුවලින් ගලාබසින ජල පහර උපයෝගී කරගනිමින් කුඩා බලාගාර පවත්වාගෙන යමින් තේ කර්මාන්තය ශාලා වල ක්‍රියාකාරිත්වයට යොදාගනු ලැබීය. මේ වන විට ඒ කිසිවක් ක්‍රියාත්මක නොවන අතර එවන් බලාගාර යලි ක්‍රියාත්මක මට්ටම දක්වා ගෙන ඒම ජාතික ආර්ථිකයට පිටුවහලකී.

     ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන බව සුනිත්‍ය බල ශක්ති අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විමල් නදීර මහතා අප වාර්තාකරුට ප්‍රකාශ කර තිබේ. වසර 20 ක ගිවිසුම් කල් ඉකුත්වු ආයතන සම්බන්ධයෙන් නැවත ගිවිසුම් ඇතිකර ගැනීම හා යල්පැන ගිය තාක්ෂණය වෙනුවට නව තාක්ෂණය ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ඔහු කියා සිටි.

     hydropower1 px 900 19 09 11

     

    Last modified on බදාදා, 11 සැප්තැම්බර් 2019 11:46

    Latest News