ටින්සින් වත්ත ඇල්ලු ව්‍යපාරිකයින් හතකට වැඩ වරදි

දෙසැ 30, 2019

    බගවන්තලාව ටින්සින් නගරයේ ටින්සින් තේ වත්තේ කොටසක් අනවසරෙන් අත්පත්කර ගනිමින් ඉදි කරමින් තිබු වෙලදසැල් හතක වැඩ බගවන්තලාව පොලිසිය විසින් නතර කර තිබේ.


    හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් ප්‍රාදේශිය සභා ප්‍රධාන කාර්යයාලය ආසන්නයේ මෙම ඉදිකිරිම් සිදුවන බවට වතු පාලන අධිකාරිය මගින් බගවන්තලාව පොලිසියට කරන ලද පැමිණිල්ලක් කර ඇත. ඒ අනුව පොලිසිය විසින් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි අප වාර්තාකරු පවසයි.

    මෙම ව්‍යාපාරිකයන් විසින් තේ වත්තේ මායිමෙන් කොටසක් කපා එහි පිහිටි විශාල ගල් කඩා ඉවත් කර ඇති බව වතු පාලන අධිකාරිය මගින් බගවන්තලාව පොලිසියට කළ පැමිණිල්ලේ සදහන් වේ.

    ව්‍යාපාරිකයන් විසින් තම වෙලදසැල් සංවර්ධනට නොර්වුඩ් ප්‍රාදේශිය සභාවෙන් කිසිදු අනුමැතියක් ලබාගෙන නොමැති බව එම සභාව මගින් පොලිසියට දැනුම් දි ඇත.

    Latest News