ගෝඨාභයට එරෙහි රීට් පෙත්සමට සත්‍ය ගවේශකයින්ගෙන් මැදිහත්වීමට ඉල්ලීමක්

ඔක් 01, 2019

    ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පුරවැසියෙකු වශයෙන් පිළි ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් ඉල්ලු පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස අභියාචනාධිකරණයට අද මැදිහත්වීමේ පෙත්සමක් ඉදිරිපත් කෙරිණ.

    සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළා.

    ජනතාව අපේක්ෂා කරමින් සිටින ජනාධිපති අපේක්ෂකවරයකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමේ කූට අරමුණින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බව නීතිඥ දොලවත්ත මහතා කියා සිටි.

    මේ නිසා තමන් විසින් ඉදිරිපත් කරන මැදිහත්වීම පෙත්සම භාර ගෙන විභාග කිරීමට අවසර දෙන ලෙසත් ඉදිරිපත්කර තිබෙන රිට් පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙසත් ඉල්ලමින් ප්‍රේමනාත් දොලවත්ත මහතා අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවය අභියෝගයට ලක් කරමින් සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම හෙට (10/02) අභියාචනාධිකරණය දී සලකා බැලීමට නියමිතයි.

     

     

    Latest News