දුම්රිය ඉල්ලීම් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා; අමාත්‍ය අශෝක් අබේසිංහ (වීඩියෝ)

ඔක් 01, 2019

    දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් එක්ව සිදු කරන ඉල්ලීම් සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව, අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

    එසේ තිබියදීත් වර්ජනයක් ක්‍රියාත්මක කිරීම අසාධාරණ ක්‍රියාවක්වන අතර, ඒ පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව පැවසීය.

    අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා...

    “දුම්රිය වැඩ වර්ජනය පිලිබඳව ඊයේ සාකච්ජා කළා අනු කමිටුව. ඔවුන් යම්-යම් ඉල්ලීම් කළා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා දුම්රිය මේ ප්‍රශ්න විසඳන්න පුලුවන් වෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව සංවෘත දෙපාර්තමේන්තුවක් බවට පත්කරලා. ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. අපිත් එක්ක සාකච්ජා කරලා නවත්වනවා කියලා, එළියට ඇවිල්ලා එක්කෙනෙක් දෙන්නෙක් ඒක තමයි අපි කියන්නේ මේක දේශපාලන ව්‍යාපෘතියක් කියලා මේ වර්ජනය. ඔවුන් අපිත් එක්ක කතා කරලා ඉතා සුහදව මේ වගේ සාකච්ජා කරලා නැහැ කියලා එළියට ඇවිල්ලා මේවාගේ දේවල් කරන්නේ තනිකර දේශපාලනේ. කෙසේ වෙතත්, මම කියනවා වැඩ වර්ජනය අවසන් කළේ නැත්නම්, රජයක් වශයෙන් අපි පුලුවන් තරම් අපි ඉදිරියට මේකට මුහුණ දෙනවා. පුලුවන් නම් කරලා බලන්න කියලා මම අභියෝග කරනවා දුම්රිය වැඩවර්ජනය. මේච්චර කරලා තියෙද්දි දැන් ඔවුන් ඉල්ලීම් කළා සංවෘත සේවාවක් බවට පත් කරන්න කියලා. කැබිනට් මණ්ඩලය අනුමත කළා. විශේෂයෙන්ම වැටුප් තල වෙනස් වෙනවා. ඒක කාටවත් බලපාන්නේ නැහැ. එහෙම කරද්දිත් වැඩ වර්ජනය කරනවානම් බලාගමු. වැඩ වර්ජනය නැවැත්තුවේ නැත්නම් බලන්නකෝ මොකද කරන්නේ කියලා මම ඇමතිනේ. මොකද ජනතාවට මෙහෙම තලා පෙළන්නට ඉඩ දෙන්න බැහැ. මේක නැවැත්තුවේ නැත්නම් ජනාධිපතිතුමා කියලා මේක අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරලා, ගැසට් පත්‍රය අපි ගහලා තියෙන්නේ. ඒක අත්සන් කළොත් ජනාධිපතිතුමා අපි එතනින් එහාට ගන්න ක්‍රියා මාර්ග හුඟාක් තියෙනවා“ යැයි අශෝක් අබේසිංහ මහතා පැවසීය.

    දුම්රිය වර්ජනයට අදල දින 06ක්. දුම්රිය වෘත්තීය සමිති පවසන්නේ තම ඉල්ලීම් ලැබෙන තෙක් වර්ජනය අඛණ්ඩ ක්‍රියාත්මක කරන බවයි. මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද දින කාර්යාල දුම්රිය 10කට අධික සංඛ්‍යාවක් ධාවන කළ බවයි. දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් එම දෙපාර්තමේන්තුවට මේ වනවිට රුපියල් කෝටි 11ක පමණ ආදායමක් අහිමිවී තිබේ. වර්ජනයෙන් තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බව මගී ජනතාව පැවසූහ.

    ජනතාව.....“ අසාධාරණ වැඩක් මේක, දේශපාලන ප්‍රශ්නයක් විධියට මම දකින්නේ, නැත්නම් මේ විධියට කරන්න විධියක් නැහැ, යැයි ජනතාව පැවසූහ.

    Last modified on අඟහරුවාදා, 01 ඔක්තෝබර් 2019 20:35

    Latest News