රජයේ වියදම් පියවිමේ යෝජනාවට ඇමති මණ්ඩලයේ අනුමැතිය

ඔක් 01, 2019

    ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට අප්‍රේල් මස 30 වැනිදා දක්වා මාස 4ක කාලයක රජයේ වියදම් පවත්වා ගෙන යාමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ඇතුළත් අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අද අනුමත කළේය.

    මේ වසරේ නොවැම්බර් මස 16 වැනි දින ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බැවින් අගෝස්තු මස 03 වැනිදා අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට අනුව මෙම විසර්ජන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

    Last modified on අඟහරුවාදා, 01 ඔක්තෝබර් 2019 19:24

    Latest News