මහත්මා ගාන්ධි 150වන ජන්ම දිනය විශේෂ සැමරුම් උලෙළක් ජනපති ප‍්‍රධානත්වයෙන්

ඔක් 01, 2019

    ඉන්දිය නිදහස් සටනේ පුරෝගාමියා ලෙසත්, අවිහිංසාවාදයේ පියා ලෙසත් ලොව පුරා ප‍්‍රසිද්ධියට පත් මහත්මා ගාන්ධිතුමාගේ 150වන ජන්ම දින විශේෂ සැමරුම් උලෙළක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    මහත්මා ගාන්ධිතුමාගේ ආලේඛ්‍ය චිත‍්‍රයට මල් දමක් පලඳවා පුෂ්පෝපහාර දැක්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    අනතුරුව ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා විසින් ද ජනාධිපතිතුමා අනුගමනය කරමින් මහත්මා ගාන්ධිතුමාගේ ආලේඛ්‍ය චිත‍්‍රය වෙත මල්දමක් පළදවා ගෞරව දක්වන ලදී. ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ඇතුළු ශ‍්‍රී ලංකා සහ ඉන්දීය සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. මහත්මා ගාන්ධිතුමාගේ 150වන ජන්ම දිනය හෙටට (ඔක්තෝබර් 02) යෙදී තිබේ.

    slpresident px 900 19 10 01

    පොපි මල් දිනය නිමිතිකොට ගනිමින් පළමු පොපි මල ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පැළඳවීම අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. ශ‍්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් උපුල් පෙරේරා මහතා විසින් ප‍්‍රථම පොපි මල ජනාධිපතිතුමා වෙත පළඳවනු ලැබීය.

    සන්නද්ධ හමුදා අනුස්මරණ දින, පොපි ව්‍යාපෘතිය හා යුද ස්මාරක සංවර්ධන කමිටුවේ සභාපති රියර් අද්මිරාල් ආචාර්ය ෂේමාල් ප‍්‍රනාන්දු මහතා ඇතුළු ශ‍්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News