දරුවා සමාජයට සම්පතක්; මහාචාර්ය සුඛංගි හේරත් (වීඩියෝ)

ඔක් 01, 2019

    දරුවන්ට ලබාදෙන ආදරය, රැකවරණය අනාගතයේ දී පූර්ණ පෞරුෂත්වයකින් යුත් දරුවෙකු බිහි කිරීමට හේතුවේ.

    එම ආදරය, රැකවරණය ගිලිහුණු විට දරුවන්ට අනපේක්‍ෂිත බොහෝ දේ සිදුවිය හැක. නොච්චියාගම ප්‍රදේශයෙන් වාර්තාවන මේ සිදුවීමත් එවැන්නක්. වයස අවුරුදු 11ක් වන මේ දැරියගේ මව පවුලේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා මීට වසර දෙකකට පමණ පෙර රැකියාවක් සඳහා විදේශ ගත වී තිබේ. එතැන් සිට ඇය සිය වැඩිමහල් සහෝදරයා ද සමඟ පසුවූයේ පියාගේ භාරයේ. ඒ අතරතුර දැරිය 74 හැවිරිදි තම සීයාගේ සහ බාප්පාගේ විවිධ අපයෝජනයට ලක්ව තිබේ. ඒ මීට වසරකට පමණ පෙර සිටයි.

    දැරිය....

    “සමහර වෙලාවට අප්පච්චි දාලා යනවා. ඉස්කෝලේ ඇරිලා එන වෙලාවල්වලදී කරදර කරන්න එපා කිව්වා. ඊට පස්සේ කරදර කළා. මම කියනවා කියලා කිව්වට පස්සේ මරනවා කියලා කිව්වා. අයියා මගෙන් ඇහුවා මම ඊට පස්සේ අයියට කිව්වා“ යැයි දැරිය පැවසුවාය.

    සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ. දැරියගේ වැඩිමහල් සහෝදරයා මේ පිළිබඳව විදෙස්ගතව සිටි මවට දැනුම් දීමෙන් අනතුරුව ඇය ඉකුත් 19 දින දිවයිනට පැමිණි බව අප වාර්තාකරු පවසයි.

    දැරියගේ මව...

    “කිසිම කෙනෙක් විශ්වාස කරන්න හොඳ නැහැ. අඩුම ගානේ සහෝදරයෙක්වත් විශ්වාස කරලා දරුවෙක් තියලා යන්න පුලුවන් කාලයක් නෙමෙයි මේක. මං කියන්නේ හැම කෙනාටම තමුන්ගේ දරුවෝ පරිස්සන් කරගන්න. මගෙනුත් වරදක් වුණා. දරුවට රැකවරණය නුදුන් හින්දා. අද ඒකට මම දුක් වෙනවා. දුක් වුණාට වැඩක් නැහැ. මින් ඉදිරියටත් අනෙක් කිසිම දරුවෙකුට මේ වගේ දෙයක් සිදු නොවෙන්න කියලා මම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා“ යැයි දැරියගේ මව පැවසුවාය.

    මාපියන් හෝ වෙනත් භාරකරුවෙකු අතින් හෝ දරුවන් සම්බන්ධ රැකවරණය ගිලිහුණු විට ඕනෑම දරුවෙකුට මෙවැනි අපරාධවලට මුහුණපෑමේ දැඩි අවදානමක් මතුවිය හැකියි.

    ඒ පිළිබඳව අදහස් දැක්වූ මහාචාර්ය සුඛංගි හේරත් මහත්මිය...

    “දරුවෙක් කියලා කියන්නේ තමන්ට සෙල්ලම් කරන්න පුලුවන් භාණ්ඩයක් නෙමෙයි. මේ දරුවා විශාල වගකීමක් තියෙන තමන්ගේ දරුවගේ දරුවෙක්, තමන්ගේ සහෝදරයගේ දරුවෙක්, මේ දරුවා සමාජයට සම්පතක්. මේ දරුවා වැඩිහිටියෙක් වෙනකම් රැකබලා ගතයුතුයි. හිතන්නට අවශ්‍යයි, ගැහැණු දරුවෙකු හෝ පිරිමි දරුවෙකු හෝ තමාගේ රැකවරණය නැතුව පවුලේ හෝ වෙනත් කෙනෙක් එක්ක ඉන්නකොට දෛනිකව ජිවිතය තමාගෙන් තොරව ගතකරපු ආකාරය. පාසල හෝ පාසලෙන් ආවට පස්සේ මේ තත්වයන් වළක්වා ගන්නට. ඒ පිළිබඳව අවබෝධයක් දරුවා එක්ක බෙදා ගැනිමක් දෙමාපියෝ සිදු කළ යුතු“ යැයි මහාචාර්ය සුඛංගි හේරත් මහත්මිය

    Last modified on අඟහරුවාදා, 01 ඔක්තෝබර් 2019 19:46

    Latest News