අත්අඩංගුවට ගත් හිටපු රේගු ලොක්කන් රිමාන්ඩ්

සැප් 28, 2019

    මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨසායේ අත්අඩංගුවට පත් හිටපු රේගු බලධාරීන් දෙදෙනා ඔක්තෝබර් 8 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

    හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් ප්‍රේමලාල් විජේවීර හා හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් රාජපක්ෂ පතිරගේ දොන් තාරක සෙනෙවිරත්න යන අයවලූන් මූල්‍ය විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ අත්අඩංගුවට ගැනුණි.

    ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ඉදි වු සදහිරි සෑයේ තැන්පත් කළ බුදු පිළිම වහන්සේ නිපදවීමට රේගුවේ රාජසන්තක කිරීමට තිබු රත්‍රං කිලෝ 8 ක් ලබා දුන් බව කියන එම සිද්ධිය සම්බන්ධයෙනි.

    Latest News