“සඳහිරු” සෑයේ හතරැස්‌ කොටුවේ වැඩ ඇරඹේ

මැයි 25, 2020

    අනුරාධපුර ඓතිහාසික පූජා භූමියේ ඉදි කෙරෙමින්‌ පවතින “සඳහිරු” සෑය ස්ථූපයෙහි හතරැස්‌ කොටුවේ පාදමෙහි වැඩ අද උදේ ආරම්භ කෙරිණ.

    ශ්‍රී මහා බෝධීන්‌ වහන්සේගේ දක්ෂිණ දිශාවෙන්‌ ඉදිකෙරෙන “සඳහිරු” සෑයේ ඉදිකිරීම්‌ ආරම්භ කෙරුණේ, 2010 වසරේ නොවැම්බර් 11 වැනි දින සිටයි. රුදුරු කොටි ත්‍රස්තවාදීන්ගෙන්‌ රට බේරාගැනීම සඳහා දිවි‌ පූජා කළ වීරෝධාර රණවිරුවන්‌ සහ විපතට පත්‌ සියලු සිවිල්‌ ජනනාවට සිහිකොට ඔවුන්ට පින්‌ අනුමෝදන්‌ කිරීමේ අරමුණෙනුයි, මෙම සෑය දි කෙරෙන්නේ. උස අඩි 282යි, අඟල්‌ 06ක්‌ වන මෙම ස්ථූපයෙහි වටප්‍රමාණය අඩි 800ක්‌ පමණ වනවා. උස අඩි 94යි, අඟල්‌ 04ක ප්‍රමාණයක ඉදිකිරීමේ මේවන විට අවසන්‌ කොට තිබෙනවා. ත්‍රිවිධ හමුදාව, සිවිල්‌ ආරක්ෂක දෙපාර්තම්න්තුව සහ සිවිල්‌ ජනතාවගේ පුණ්‍යාධාර හා ශ්‍රම දායකත්වයෙනුයි, මෙහි ඉදිකිරීම්‌ සිදු කෙරෙන්නේ. අද හතරැස්‌ කොටුවෙහි පාදමෙහි වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට අටමස්ථානාධිපති ආචාර්ය, පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන්‌ ප්‍රමුඛ මහා සංඝරත්නය ද යුද හමුදා ආරක්ෂක සේනා මූලස්ථානයේ වන්නි ආඥාපති මේපර්‌ ජෙනරාල්‌ ධම්මික ජයසිංහ මහතා ප්‍රමුඛ ආරක්ෂක අංශයේ නිලධාරීන්‌ රැසක්‌ සහභාගී වී සිටියා.

    Latest News