සඳහිරු සැයට රේගුවේ රත්‍රං ගත්තාට හිටපු ලොක්කන් 02ක් අත්අඩංගුවට

සැප් 27, 2019

    හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් ප්‍රේමලාල් විජේවීර හා හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් රාජපක්ෂ පතිරගේ දොන් තාරක සෙනෙවිරත්න යන අයවලූන් මූල්‍ය විමර්ශන කොට්ඨාසය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ඉදි වු සදහිරි සෑයේ තැන්පත් කළ බුදු පිළිම වහන්සේ නිපදවීමට රේගුවේ රාජසන්තක කිරීමට තිබු රත්‍රං කිලෝ 8 ක් ලබා දුන් බව කියන එම සිද්ධිය සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගැනිම සිදුකෙරිණ.

    මෙම සිද්ධියට අදාළව හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් ප්‍රේමලාල් විජේවීර මහතා සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පසුගියදා නියෝග කළේය. මෙම ක්‍රියාව හේතුවෙන් සාපරාධී විශ්වාසය කඩ වී ඇති බවත් පොදු දේපල සාවද්‍ය පරිහරණය යන චෝදනා යටතේ පොලිසිය සැකකරුවන්ට විරුද්ධව පැමිණිල්ල ගොනු කර ඇත.

    උතුරු මුහුදේදි අත්අඩංගුවට ගත් රාජසන්තක කිරීමට රේගුවට බාර දුන් රත්‍රං කිලෝ 45.3ක් අතරින් මෙම රත්‍රං කිලෝ 8 ලබා දී ඇති බවත් රේගු ආඥාපනතට පටහැනිව මෙම කාර්යය සිදු කර ඇති බවත් පොලිසිය තවදුරටත් පෙන්වා දුනී. සැකකරුවන් දෙදෙනාම ජයවර්ධනපුර රෝහලේ සහ බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන් සම්බන්ධයෙන් අධිකරණයට පොලිසිය විසින් කරුණූ ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on සිකුරාදා, 27 සැප්තැම්බර් 2019 18:57

    Latest News