ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට අගමැතිතුමා එක්වෙයි (වීඩියෝ)

සැප් 28, 2019

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට වැඩිම පිරිසක් පැමිණි දිනය අදයි.

    එම සංඛ්‍යාව ලක්‍ෂ 06කට අධික බව සංවිධායකයින් පවසයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද ප්‍රදර්ශනය නැරඹීමට අද පෙරවරුවේ පැමිණියේය. ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 21 වැනි වරට. කුටි 500කින් සමන්විත ප්‍රදර්ශනයට චීනය ඇතුළු ලොව කීර්තිමත් පොත් සමාගම් 50ක් පමණ කුටි ඉදිරිපත් කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රදර්ශන කුටි රැසක් නැරඹීමට එක්විය. පැමිණ සිටි පාඨකයින් සමඟ ද එතුමා සුහද කතාබහක නිරත විය.

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ “රූ එන්ටර්ටේට්මන්ට්“ ප්‍රදර්ශන කුටියට ද විශාල පිරිසක් පැමිණ සිටි අතර, රූපවාහිනී සංස්ථාවේ නිෂ්පාදන පිළිබඳ ඔවුන් ප්‍රසාදය පළ කිරීමට එක්වූහ.

    Last modified on සෙනසුරාදා, 28 සැප්තැම්බර් 2019 20:25

    Latest News