එ.ජා.ප. හැර ගිය සියලු දෙනාට සජිත්ගෙන් ආරාධනයක් (වීඩියෝ)

සැප් 28, 2019

    එක්සත් ජාතික පක්‍ෂය හැරගිය සියලු දෙනාට පක්‍ෂය සමඟ එක්වන ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. නාවින්න මහතා යළි එක්සත් ජාතික පක්‍ෂයට එක්වන බව ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින්, තමා එක්සත් ජාතික පක්‍ෂයට එක්වූ බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේය.

    එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා...

    “ඉතාමත් සතුටු වෙනවා අපිත් සමඟ දීර්ඝ කාලයක් ජනතා සේවයේ නිරත වූ එස්.බී. නාවින්න මහතා අපිත් සමඟ අත්වැල් බැඳ ගනිමින් නව දර්ශනයක්, නව වැඩපිළිවෙළක්, නැවුම් සංවර්ධන මාවතක් ඔස්සේ මාතෘ භූමියේ පුරවැසි පරපුර සෞභාග්‍ය කරා ගෙන යන ගමනට එහි පෙරමඟ ගමන් කරුවෙක් බවට පත්වෙලා. රටේ සමස්ත ජනතාවට නව වැඩපිළිවෙළක් තුළින්, නව මාවතක් තුළින් දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කරන්නට අපි ආරම්භ කරන අවස්ථාවේ අපේ ගමනට ශක්තියක් එකතු කරන්නට, දායකත්වයක් ලබා දෙන්නට නාවින්න මැතිතුමා අපිත් සමඟ මේ අවස්ථාවේ එකතු වෙලා සිටිනවා. විශේෂයෙන්ම මම මේක අවස්ථාවක් කරගන්නවා මොනයම් හෝ හේතුවකට අපත් සමඟ, අපේ පක්‍ෂයත්, රජයත් සමඟ ගැටලුකාරී තත්වයන් තුළ යම් ආකාරයකින් ඉවත් වෙලා ගිය සෑම සියලු දෙනාටම මම නැවත වරක් ආයාචනය කරනවා, ආරාධනා කරනවා නොවැම්බර් 17 වැනිදට සක්‍රීයව ආරම්භ කරන්නට බලාපොරොත්තු වන මේ අලුත් ගමනට, වැඩපිළිවෙළට, අලුත් දර්ශනයට මේ රටේ දුක් විඳින පොදු ජනතාව සෞභාග්‍ය කරා සංවර්ධනය කර ගෙන යන ගමනට අලුත් ව්‍යාපාරයට, මහජනතාවාදී ව්‍යාපාරයට, ප්‍රගතිශීලි ව්‍යාපාරයට එකතු වන්න කියලා මම ආරාධනා කරනවා“ යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    Last modified on සෙනසුරාදා, 28 සැප්තැම්බර් 2019 20:33

    Latest News