සීගිරියේ නොසිඳෙන ජල තටාක පතුලටම සිදී ගොසින්..(වීඩියෝ)

සැප් 28, 2019

    මේ දිනවල පවතින අධික නියගය හේතුවෙන් සීගිරි පව්ව මස්තකයේ පිහිටි ජල තටාකය සම්පුර්ණයෙන්ම සිදී ගොස් තිබේ.

    එම හේතුවෙන් සීගිරි පව්ව මත පිහිටි ජල තටාකය පතුලේ පවතින රොන්මඩ සම්පුර්ණයෙන්ම ඉවත් කොට පිරිසිදු කිරීමට සහ එහි අවට බැමි ප්‍රතිසංස්කරණ කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා අංශය විසින් ආරම්භ කොට තිබේ.

    මධ්‍යම සංස්කෘතික අරමුදල පුරාවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා නිලධාරී සුමිත්‍ර බස්නායක මහත්මිය කියා සිටියේ ජල තටාකය තමන් දන්නා කාලයක සිට මේ ආකාරයෙන් සම්පූර්ණයෙන්ම සිදී ගොස් නොමැති බවයි.

    මෙම ජල තටාකය අතීතයේ සීගිරි රාජධානිය පැවති සමයේ නාන තටාකයක් ලෙස භාවිතා කරන්නට ඇති බව පුරාවිද්යාය නිලධාරීන්ගේ මතය වී තිබේ.

    සම්පූර්ණ ගලෙන් නිර්මාණය වී ඇති මෙම තටාකය ඉතා අලංකාරව අදටත් පැවතීම විශේෂත්වයකි.
    පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් සීගිරිය බලකොටුවේ ඇති පිටත දිය අගල හැරෙන්නට අනෙකුත් සෑම දිය පොකුණක් ම සිදී ගොස් තිබේ.

    සීගිරි නැරඹීම සඳහා අතීතයේ සිට ගිය බොහෝ දෙනෙකු සීගිරි පව්ව මතට ගොස් දිය සහිත පොකුණ නැරඹීමේ අවස්ථාව උදා වූ අතර මේ දිනවල සීගිරි පව්ව මතට නගින ඕනෑම අයකුට සිඳී ගිය ජල තටාකය සහ එහි ගැඹුර කොපමණ ද යන්න පවා දැක බලා ගැනීමට හැකියාව පවතී.

    Last modified on සෙනසුරාදා, 28 සැප්තැම්බර් 2019 20:19

    Latest News