සීගිරි නාන තටාකයේ වර්ණ වෙනස් වීම ගැන පරීක්ෂණයක්

ජන 07, 2020

    සීගිරිය පර්වතය මුදුනේ පිහිටි නාන තටාකයේ ස්ථාන කිහිපයක වර්ණය වෙනස් වීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති බව වාර්තාවේ.

    පාෂාණ පෘෂ්ඨයේ ස්ථාන දෙකක මෙම වෙනස්කම් සිදු ව ඇති බවත්, එකී ස්ථානවල කලු ගලේ වර්ණය සුදු පැහැයක් ගෙන ඇති බවත් වාර්තාවේ. ඒ පිළිබඳව සොය බලා වාර්තා කිරීමට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. එම වාර්තා අනුව එකී පෘෂ්ඨයන්ගේ පැහැයේ වෙනස්වීම සම්බන්ධව වැඩිදුරටත් සොයා බැලීම සඳහා රසායනාගාර නිළධාරීන් යොමු කිරීමට නියමිතය.

    Latest News