මාස 3කට පසු සීගිරිය යළි විවෘතයි

ජූලි 02, 2020

    කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබූ ඓතිහාසික සීගිරිය මාස තුනකට පසු ඊයේ දෙස් විදෙස් සංචාරකයින් සඳහා නැවත විවෘත කෙරිණ.

    සීගිරිය කෞතුකාගාරය සහ සීගිරි පව්ව සෞඛ්‍යාරක්ෂිතව නැරඹිය හැකි බවයි, මධ්‍යම සංස්කෘතික අරමුදල පවසන්නේ.

    යළි විවෘත කෙරුණු පළමු දිනය වන ඊයේ දිනයේ, දෙස් - විදෙස් සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණ ද දුර පළාත් කිහිපයක දේශීය සංචාරකයින් පැමිණ සිටිනු දැකගත හැකි වූ බවයි, අප වාර්තාකරු පවසන්නේ. එහි සේවක සේවිකාවන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හා පරීක්ෂා කිරීමේ කටයුතුවල නිරතව සිටියි.

    මෙම වර්ෂයේ අගෝස්තු මාසයේ විශාල වශයෙන් පැමිණෙන්නැයි, අපේක්ෂා කරන දෙස් - විදෙස් සංචාරකයින්ගේ පහසුව සඳහා සීගිරි ප්‍රවිශ්ට ජල උද්‍යානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජූලි 2020 13:40

    Latest News