හබරණ හිරිවඩුන්න රක්ෂිතයේ මියගිය ඇතින්නියන් 7කගේ සිරුරු (වීඩියෝ)

සැප් 28, 2019

    හබරණ හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිත තිබී 28 දින දහවල් වනවිට මියගිය ඇතින්නියන් තිදෙනෙකුගේ මළසිරුරු හමු වූ බව වනජීවී නිලධාරීහු පවසති.

    ඒ අනුව මේ වන විට මිය ගිය ඇතින්නියන් හත් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනීමට හැකි වූ බව වනජීවී නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.

    27 වන දින වන විට වන අලින් හතර දෙනෙකුගේ මළ සිරුරු සොයාගත් අතර 28 දින අලුයම එක ඇතින්නියකගේ මළ සිරුරක් සොයා ගත් බවත් එම ඇතින්නිය ආසන්නයේ වයස අවුරුදු හතරක පමණ කුඩා පැටවකු රැඳී සිටීම විශේෂත්වයකි. මෙම කුඩා අලි පැටවා තම මව මියගිය බව නොදැන මව අසලට වී රැඳී සිටින ආකාරයත් එමෙන්ම කිසිවකුටත් එම ස්ථානයට ළංවීමට ඉඩ නොදී මව බලා ගන්නා ආකාරය ද බොහෝ දෙනෙකුගේ සංවේදී දර්ශනයක් බවට පත්වූ බව වාර්තාවේ. එමෙන්ම මෙම කුඩා අලි පැටවා සිය මියගිය මවගේ මුඛයට සහ සිරුරට ස්පර්ශ කරමින් නැගිට්ට වීමට සඳහා උත්සාහ කරන අයුරුද එහි ගිය අපට දැක ගැනීමට හැකිවුණු බවද වාර්තාවේ.


    සීගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් යුද හමුදාව හබරණ පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව තවදුරටත් මළසිරුරු ඇත්දැයි සොයා සිදුකරන මෙහෙයුම් පෙරවරුවේ ආරම්භ කර ඇත. මෙම මෙහෙයුමේ දී යුද හමුදා නිළධාරීන් කණ්ඩායමට සහ ප්‍රදේශවාසීන් කණ්ඩායමකට රක්ෂිතය තුල තිබී එයාකාරයෙන් තවත් ඇතින්නියන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමු වූ බව වනජීවී නිලධාරීහු පවසති.

    wanaali01
    වනජීවී පශු වෛද්‍ය නිලධාරීන් පැමිණ මියගිය වන අලින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකරන්නට සූදානම් වූ අවස්ථාවේ කුඩා අලි පැටවා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට ඉඩ නොදුන් නිසා එම වන අලි පැටවාට නිර්වින්දනය කොට වෙනත් ස්ථානයකට පළවාහැර පරීක්ෂණ කටයුතු කිරීමට වනජීවී නිලධාරීහු ක්‍රියා කර ඇත.

    wanaali02
    දැනට හමුවූ මළසිරුරු හතම ගැහැණු සතුන්ගේ වීම විශේෂත්වයකි. එමෙන්ම මෙම සතුන් ගැබ්බරව සහ කුඩා පැටවුන් සහිත මව්වරුන් බව වනජීවී නිලධාරීහුකියති. මෙම සතුන් මිය යෑම පිළිබඳව තවමත් නිශ්චිත ප්‍රකාශයක් කිරීමට නොහැකි බවත් තවදුරටත් ඒ පිළිබඳව පරික්ෂා කරන බව වනජීවී නිලධාරීහු මේ දී සඳහන් කළති.


    මියගිය වන අලින් නැරඹීම සඳහා දෙස් විදෙස් ජනතාව විශාල වශයෙන් හබරණ රක්ෂිත ප්‍රදේශයට පැමිණ සිටි බවද අප වාර්තාකරු සඳහන් කරයි.  ප්‍රදේශවාසී ජනතාව ප්‍රකාශ කරන්නේ වන අලින් ඝාතනය වීම පිළිබඳව දැඩි කම්පනයකට පත්ව සිටින බව ය.


    මළ සිරුරු සොයා තවදුරටත් පොලිසිය වනජීවී නිලධාරීන් යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව රක්ෂිතයේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටිති.

     

    හිරිවඩුන්න වැව ආසන්නයේ තවත් ඇතින්නකගේ මළ සිරුරක් - (9:50)

    හබරණ - හිරිවඩුන්න වැව රක්ෂිතයේ තිබී තවත් මිය ගිය ඇතින්නියකගේ සිරුරක් අද උදෑසන හමුව තිබේ. ගැබ්බර ඇතින්නියන් තිදෙනෙකු ඇතුළු ඇතින්නියන් සිව් දෙනෙකුගේ සිරුර ඊයේ හිරිවඩුන්න වැව ආසන්නයේ තිබී හමුවිය.

    මේ සම්බන්ධයෙන් සිදු කෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තහවුරු වූයේ ස්වභාවික නොවන හේතුවක් මත ඔවුන් මිය ගොස් ඇති බවයි.

    වන අලි මියගොස් සිටි ප්‍රදේශය මතින් අලි මංකඩක් පවතියි. කළාවැව සිට සීගිරිය හා මින්නේරිය වන ප්‍රදේශ වලට මෙම සතුන් සංක්‍රමණය වන මාර්ගය අනවසර වගාකරුවන් විසින් අත්පත්කරගෙන ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. ඒ හේතුවෙන් වන අලින් හට ඔවුන්ගේ මාර්ග සොයාගැනීමට අනවසර වගාකරුවන්ගේ භූමිය මතින් ගමන් කිරීමේ දී නොයෙකුත් පීඩා වලට ලක් වන බවත් සීගිරිය අඩවි ආරක්ෂක සී. බණ්ඩාරණායක මහතා පවසයි.

    Last modified on සෙනසුරාදා, 28 සැප්තැම්බර් 2019 20:34

    Latest News