අගමැති අතින් වාලුකාරාමයේ අභිනව සැතපෙන බුද්ධ ප්‍රතිමාව විවෘත කෙරේ

සැප් 27, 2019

    කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ අභිනව සැතපෙන බුද්ධ ප්‍රතිමාව ඇතුළු බුද්ධ ප්‍රතිමා විවෘත කිරීම අද (27) සවස සිදු කෙරිණ.

    ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් මෙහි මූලිකත්වය ගනු ලැබීය. අගමැතිතුමා ඇතුළු පිරිස ආගමික වත්වත්වල නිරත වූහ. මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ සමරු ඵලකය සහ අභිනව සැතපෙන බුද්ධ ප්‍රතිමාව නිරාවරණය කරනු ලැබුවේ අගමැතිතුමා විසින්. අතිපූජ්‍ය ඉත්තෑපාණේ ධම්මාලංකාර මහානායක හිමියන්, අනුශාසනාවක් කළ අතර, කොල්ලුපිටිය වාලුකාරාමාධිපති පූජ්‍ය මහරගම නන්ද හිමියන් විහාරස්ථානයේ අභිනව ඉදිකිරීම් පිළිබඳ පැහැදිළි කළේය. වාලුකාරාම විහාරස්ථානයේ ඇසළ මහා පෙරහැර අද රාත්‍රී විථි සංචාරය කිරීමට නියමිතයි. මහා සංඝරත්නය, රුවන් විජේවර්ධන, දයා ගමගේ යන අමාත්‍යවරුන් ඇතුළු දායක සභාවේ සාමාජිකයන් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සිකුරාදා, 27 සැප්තැම්බර් 2019 19:36

    Latest News