ශ්‍රී.ල.නි.පයේ ගෞරවය ආරක්‍ෂාවන තීරණයකට එළඹෙනවා; රංජිත් සියඹලාපිටිය

සැප් 27, 2019

    ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ගෞරවය හා අනන්‍යතාවය ආරක්‍ෂාවන තීරණයකට එළඹෙන බව, එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    කොළඹ පක්‍ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

    මාධ්‍ය හමුව ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා...

    “ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි ජනාධිපතිවරණයේ දී ආකාර හතරකට හැසිරෙන්න පුලුවන්. එකක් තමයි නිශ්ක්‍රීය වීම. දෙවැනි එක තමයි අපෙන් අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කරන්න දැන් ප්‍රමාද වැඩියි. හදිසියේ අපි වෙනත් අපේක්‍ෂකයෙකු නම් කරනවා කියන්නේ මේ වෙලාවේ කඳවුරු දෙකකට බෙදී තියෙන මේ වෙලාවේ ප්‍රගතිශිලී ගමනට අකුල් හෙලීමක්. එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයට හෝ පෙරමුණක් හදගන්නා අපේක්‍ෂකයාට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය උදව් කිරිමේ පියවර. ඒක අපි පසුගිය කාලයේ අත්විඳින්ද තත්වයට වඩා කිසිදු වෙනසක් නැහැ. “යාදෙක නොරත රථ-සමඟ පෑහීමක් නම් නැත“ ඔවුන්ගේ යෝජනා වර්තමාන අග්‍රාමාත්‍යවරයා ඊළඟ අග්‍රාමාත්‍යවරයා හැටියට. ඒ ආණ්ඩුව මේ යන්න හදන්නේ ඉස්සරහට. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉතා පැහැදිලිව දකිනවා එවැනි එකතුවක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ගැලපෙන්නේ නැත. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ගතහැකි හොඳම විසඳුම ලෙස අපි දකිනවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කරන අපේක්‍ෂකයා සමඟ ඔහුට ශක්තිය දෙමින් ඉදිරියට යාම. අපි එකට සිටි කණ්ඩායමක්. ප්‍රතිපත්තිමය වශයෙනුත් අපේ ලොකු වෙනසක් නැහැ.

    මේ තීරණාත්මක අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට යායුතු, ළඟම, හොඳම අවබෝධාත්මක, මේ පක්‍ෂය ආරක්‍ෂා වන හොඳම මාර්ගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයා සමඟ ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී හිටිම කියලා. මේ පක්‍ෂ දෙකම නිහතමානි වෙන්න ඕනේ. කැපවෙන්න ඕනේ, පෞද්ගලික න්‍යාය පත්‍රවලින් ඉවත් වෙන්න ඕනේ. අද සවස 8.00ට පක්‍ෂයේ කණ්ඩායම රැස්වෙනවා. සඳුදා රාත්‍රී මධ්‍යම කාරක සභාව රැස්වෙනවා. අපි ඔවුන් සමඟ එකතු වෙන්නේ, අපේ පක්‍ෂය ආරක්‍ෂාවන එකඟතාවයන්, එකමුතුකම්, ගිවිසුම් ඇතිව විතරයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනත් පක්‍ෂයක් සමඟ එකතු වෙන්නේ. කිසිසේත්ම මේක අපි කෙසේ හෝ යම් කිසි පක්‍ෂයකට එල්ලීමේ ව්‍යායාමක් නෙමෙයි“ යැයි රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    Last modified on සිකුරාදා, 27 සැප්තැම්බර් 2019 19:29

    Latest News