මීලඟ නිසැක ජනපති සජිත්: රාජපක්ෂ හොර කල්ලියට දඬුවම් දීමට පැකිලෙන්නේ නැහැ: පා.ම. හේෂා

සැප් 26, 2019

    එක්සත් ජතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ලෙස පත් කිරීමෙන් පසුව රාජපක්ෂ කල්ලියේ සිටින සියලුම හොරුන්ට දඬුවම් ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන පවසයි.

    “සජිත් එනවා“ ජනරැළි මාලාවේ සිව්වැන්න ඊයේ (25) පස්වරුවේ මතුගමදී පැවැති අතර, එහිදි අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

    ගෝඨාභය රාජපක්ෂ මහතා බේරි බේරී සිටියත් 2019 නොවැම්බර් 17 වන දා වන විට නිසැකයෙන්ම ජම්පරය ඇන්ඳවීමට සජිත් ප්‍රේමදාස මහතා පිටුපස්සට නොයන බවත් ඔහු කියා සිටියේය.

    සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කිරීමට යන බවට පණිවිඩේ ලැබුණ වහාම ගෝඨාභය රාජපක්ෂ මහතා “වැඩේ අප්සට්“ කියලා මහින්ද රාජපක්ෂ මහතාට පැවසු බව ජන රැළිය ඇමතු කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කියා සිටියේය. මුළු පවුලම මේ වන විට ඇමෙරිකාවට යන්න සුදානම් බවත් සේනසිංහ මහතා අවධාරනය කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 26 සැප්තැම්බර් 2019 11:46

    Latest News